පුවත්

අමෙරිකාවේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරිනියක් දිවයිනට

Published

on

සාගර සහ අන්තර්ජාතික පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජෝන් අද (19) දිවයිනට පැමිණීමට නියමිතය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇය ඉන්දියාවේ සහ මාලදිවයිනේ ද සංචාරය කිරීමට නියමිත බවයි.

මෙම සංචාරයේදී ඇය සොබාදහම සහ සමුද්‍ර සංරක්ෂණය, ප්ලාස්ටික් සහ වායු දූෂණය, දේශගුණික අර්බුදය, වන විනාශය, ස්වාභාවික අපරාධ, සිවිල් සහ වාණිජ අභ්‍යවකාශ ක්‍රියාකාරකම්, විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු සහ ගණිත අංශය වෙනුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමුන් ප්‍රවර්ධනය කිරීම සහ තිරසර ආර්ථිකය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

ඒ අනුව, අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය අද සිට එළැඹෙන 21 දක්වා මෙරට රාජ්‍ය නිලධාරීන් සහ හවුල්කරුවන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.

එමෙන්ම එක්සත් ජනපදයේ සහාය ලබන වනජීවී ආරක්ෂණ ව්‍යාපෘති නැරඹීම, හයිඩ්‍රොග්‍රැෆි සහ දේශගුණික විපර්යාස වැනි ප්‍රමුඛතා ක්ෂේත්‍රවල එක්සත් ජනපද විශේෂඥයන් සමඟ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කිරීමේ අවස්ථා ගවේෂණය කිරීමට ද ඇය එක්වනු ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

Trending

Exit mobile version