පුවත්

අයවැයට අනුව මෙවර රජය එක පවුලකින් මාසෙකට හතලිස්දාහක බද්දක් ගන්නවා – පුබුදු (වීඩියෝ)

Published

on

මෙවර අයවැයට අනුව එක් පවුලකින් මසකට රුපියල් හතළිස් දහසක මුදලක් බදු වශයෙන් රජයට ගෙවීමට සිදුවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවැසීය.

එය පසුගිය වසරේ ගෙවීමට සිදුවූ මාසික බදු මුදලට වඩා රුපියල් 8,200ක ඉහළ යාමක් බවද නුගේගොඩ සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු කීය.

“ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියන විදිහට සාමාන්‍යයෙන් එක පවුලක් වියදම් කරන්නේ මාසිකව රුපියල් 78,000යි. මේ විදිහට බැලුවම ඒකෙන් රුපියල් 40,000ක්ම රජයට බදු විදිහට ගෙවන්න වෙනවා. එතකොට මිනිස්සුන්ට කන්න බොන්න දෛනික අවශ්‍යතා සඳහා ඉතුරු වෙන්නේ 38000ක මුදලක්” යැයිද හෙතෙම කීවේය.

මෙම අයවැය සකස් කිරීමේදී සාමාන්‍ය ජනතාව ගැන අවධානයක් යොමු නොකර මහා පරිමාණ සමාගම්වලට වාසිදායක ලෙස ප්‍රතිපත්ති සකස් කර ඇති බවට බදු ආදායම් සම්බන්ධ ප්‍රතිපත්ති දෙස බැලීමේදී තහවුරු වන බවද ඔහු සඳහන් කරයි.

මේ අයවැයෙන් ගිය වසරට වඩා පවුලක මාසික බදු බර රුපියල් 8000කින් වැඩි වෙලා – පුබුදු ජයගොඩ

මේ අයවැයෙන් ගිය වසරට වඩා පවුලක මාසික බදු බර රුපියල් 8000කින් වැඩි වෙලා – පුබුදු ජයගොඩ

Posted by Front Line Socialist Party on Monday, February 24, 2025

Trending

Exit mobile version