Connect with us

පුවත්

අයිස් ග්‍රෑම් 5ක් තියාගත්තොත් පාසල් ළමයෙකුට වුවත් මරණ දඩුවම

Published

on

මේ වන විට බලාත්මක වී ඇති විෂ මත්ද්‍රව්‍ය පනත අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සන්තකයේ තබා ගන්නා ඕනෑම අයෙකුට මරණ දණ්ඩනය නියම කිරීමට අවස්ථාව ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවැසීය.

“විෂ, විෂවර්ග, අබිං හා අන්තරාදායක ඖෂධ සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන යෙදීම මගින් එය ක්‍රියාත්මක වෙනවා. මේ අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට වඩා සන්තකයේ තබා ගන්නා අයෙකුට මරණීය දණ්ඩනය ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අවස්ථාව තිබෙනවා.

මේ අයිස් මත්ද්‍රව්‍ය කොතරම් හානිකර වුවත් නීතිය ක්‍රියාත්මක වුණේ හෙරොයින් වලට පමණයි. මේ පනත අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තිබෙනවා මරණීය දණ්ඩනය පනවන්න.

දරුණු විදිහට බෙදා හැරීම් කරලා මේවට ළමයි ඇබ්බැහි වෙලා තිබෙනවා. ඒ නිදා කවුද කින්ද මන්ද කියන එක, පාසල් දරුවන්ද කියලා වැදගත් නෑ. ඔවුන් වරදකරු වුණොත් මරණීය දණ්ඩනය නියම කළ හැකියි”

(අද)

Continue Reading

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved