පුවත්

ඇලෝෂියස්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි (Update)

Published

on

ඩබ්ලිව්. එම්. මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු විසින් භාරදුන් අභියාචනයක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්  ප්‍රතික්ෂේප කර තිබේ.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළ මාස 0‍6ක සිරදඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙක් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් මෙම වගඋත්තරකරුවන් විසින් මෙම අභියාචනය තුළින් ඉල්ලා තිබේ.


අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට සිරදඬුවම්

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකුට මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) මෙම නියෝගය නිකුත් කලේය.

ඒ, වැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ නඩුවක් සලකා බලමිනි.

2016 සහ 2019 අතර කාලය සඳහා රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවන ලෙසට විත්තිකාර අධ්‍යක්ෂකවරුන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020 වර්ෂයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

Trending

Exit mobile version