නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද රූපවාහිනී, වායූ සමීකරණ ඇතුළු භාණ්ඩ තොගයක් රේගු භාරයට ගෙන තිබේ.
එක්සත් අරාබි එමිර් රාජයේ සිට පාවිච්චි කරන ලද යන්ත්‍රෝපකරණ ලෙස පවසමින් එම භාණ්ඩ මෙරටට ආනයනය කර ඇති බව වාර්තා වේ.
අදාළ භාණ්ඩ තොගය අතර රූපවාහිනි යන්ත්‍ර 68ක්, වායූ සමීකරණ යන්ත්‍ර 77ක්, භාවිත කරන ලද ටයර් ඇතුළු යන්ත්‍රෝපකරණ තිබු බව රේගුව පවසයි.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්.එස්.වීරසිරි මහතා කියා සිටියේ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරික්ෂණ අංශයේ නිලධාරීන් විසින් එම භාණ්ඩ තොගය රේගු භාරයට ගත් බවයි.