රුපියල් කෝටි ගණනින් අයථා ලෙස දේපොළ සහ වත්කම් උපයා ගත් බව කියන හිටපු කැබිනට් ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් රජයේ ඉහළ පෙළේ නිලධාරින් රැසකගේ සැකකටයුතු බැංකු ගිණුම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යොමුකර ඇති වාර්තාවකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම විමර්ශන ආරම්භ කර ඇති බව පැවසේ.
අදාළ සැකකටයුතු ගිණුම් තමන්ගේ නමින් සහ පවුලේ සාමාජිකයන්ගේ මෙන්ම වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් පවත්වාගෙන ගිය බවට සාක්ෂි මගින් අනාවරණ වන දේශපාලනඥයන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රජයේ උසස් නිලධාරින් අල්ලස් කොමිසම වෙත කැඳවා ඉදිරියේ දී ප්‍රශ්න කිරීමට නියමිත බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.