පුවත්

අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍ර 2ක අද

Published

on

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක (11) අදට යෙදී තිබේ.

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය සහ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය මෙලෙස අදට යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

ඒ අනුව පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බව එහි දැක්වේ.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට තවත් දින 03ක් තිබේ.

ඒ අනුව අනිද්දා‍ අපරභාග 9.05ට මෙවර අලුත් අවුරුදු උදාව සිදුකෙරෙනු ඇති.

සබැඳි පුවත්
අවුරුදු නැකත් නම් ඉතින් රාජ්‍ය නැකත් කමිටුවේ නැකත්ම විතරයි

Trending

Exit mobile version