පුවත්

අලුත් පත් කිරීම්වලට කලින් අහන්න

Published

on

රජයේ ආයතනවල තනතුරු සඳහා යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරයි.

මැතිවරණ කාලසීමාවේදී යම් යම් පත් කිරීම් කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු කොමිසම මෙම නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැහැදිලි කිරීමක් සිදු කර ඇති අතර ඔහු පවසා ඇත්තේ  මැතිවරණ කටයුතු වලට බාධා වන ආකාරයේ පත් කිරීම් කිරීම සහ මාරු කිරීම් කිරීම නීති විරෝධී බවය.

එසේ කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කර තිබේ.

ආයතනයක සභාපතිවරයකු හෝ ප්‍රධානියකු පත් කිරීමට අවශ්‍ය නම් ඊට කිසිම බාධාවක් නැති නමුත් ඒ ගැන කොමිසමට කල් තියා දැනුම් දි අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද ඔහු තවදුරටත් අවධාරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, මැතිවරණයට පොදුවේ බලපාන පත් කිරීම් සහ මාරු කිරීම් හැර වෙනත් පත් කිරීම් මාරු කිරීම් සඳහා කොමිසමේ අවසරය ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබේ.

Trending

Exit mobile version