පුවත්

“අවශ්‍ය වෙලාවට හැම තුරුම්පුවක්ම අපි ගහනවා”

Published

on

කවුරු කුමක් කීවත් නියමිත කාලයට පැවැත්විය යුතු මැතිවරණ පවත්වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නයක මහතා පවසයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන අතර ඔහුට එක්සත් ජාතික පක්ෂයේ සහය හිමි වන බවත් තවත් පාර්ශව ගණනාවක සහය ලබා ගැනීම සඳහා සාකච්ජා සිදුකරන බවත් බොහෝ දුරට එම සාකච්ජා සාර්ථක බවත් ඔහු සඳහන් කලේය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (12) පෙරවරුවේ කොළොන්නාවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එක්සත් ජාතික පක්ෂය ලෙස මැතිවරණයට සූදානම් වන නමුත් ප්‍රශ්නය වන්නේ වත්මන් ජනාධිපතිවරයා තවත් වාරයක් රටට සේවය කිරීම බව පැවසු සාගල රත්නාක මහතා කළ යුතු වැඩ ගණනාවක් තව තිබෙන බවත් ආරම්භ කර තිබෙන වැඩ අවසන් කළ යුතු බව කියාසිටියේය.

මේ වන විට රටේ ස්ථාවරයක් පැවතියද යළි අතරමඟ නැවතුණහොත් යළි හිස එසවීම පහසු නැති බව ඔහු අවධාරණය කලේය.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීම සඳහා අවශ්‍ය වෙලාවට හැම තුරුම්පුවක්ම ගහන බවද ඔහු තවදුරටත් පැවසීය.

‘‘ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා යකඩ රාමුවක් වගේ ප්‍රතිපත්ති මාලාවක් රටට අවශ්‍යයි කියල. එතනට ගෙනියන රාමුව තමයි එතුමා මේ සකස් කරන්නේ. ආයෙත් ජන්දයකට බය වෙලා කෙටිකාලීන ජනතාවට හානි වෙන රටට හානි වෙන තීන්දු ගන්න කාලයක් නැහැ. දැන් අමාරු ටික ඇවිල්ල තියෙන්නේ. දැන් තියෙන්නේ ආර්ථික වර්ධනය. ජනතාවගේ අතට සල්ලි හොඳින් ගලා එන කාලය ඇතිකරන එක. ඒක අපි ලබා ගන්න ඕනේ. එතුමා කැමති වුණත් නැතත් අපි එතුමාට බලකරනවා එතුමාගේ කැමැත්ත අකමැත්ත අහල නැහැ. එතුමාව මැතිවරණයකට ගේන විදිහට වැඩ කටයුතු තමයි දැන් සූදානම් වෙන්නේ.”

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතාද එක්ව සිටියේය.

Trending

Exit mobile version