Connect with us

පුවත්

අවාරේ සිරිපාදේ යන අයට ටිකට් කැඩීම ගැන විරෝධයක්!

Published

on

වාරයේ හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රී පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊයේ (04) දින සිට මුදල් අය ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණ ක්‍රියාවක් බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවැසූහ.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් (05) දින ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ රජ සමයේ සිට වාරයේ සහ අවාරයේ ශ්‍රී පාදස්ථානය වැද පුදා ගැනිමට පැමිණෙන කිසිදු වන්දනාකරුවෙකුගෙන් මුදල් අය කිරිමක් සිදු නොකල බවත්, වර්තමානයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරිමට පැමිණෙන හෝ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අවාරයේ මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණ බවයි.

තමන්නේ අවසර ලබාගෙන භුතානයෙන් පැමිණ සංචාරකයන් පිරිසක් (05) දින අළුයම ශ්‍රී පාදස්ථානය සංචාරයක් සදහා ගිය බවත්, එම සංචාරකයන්ගේ නල්ලතන්නිය ශ්‍රී පාදස්ථාන ප්‍රධාන මාර්ගයේ මකර තොරණ අසල පිහිටි වනජීවී සංරක්ෂණ කාර්යාලයෙන් එක් සංචාරකයෙකුගෙන් ඩොලර් 5 ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇති බවයි.

ශ්‍රී පාද රත්නපුර සහ හැටන් මාර්ගයේ පියගැටපෙල ඇතුළු වන්දනාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට තමන් කටයුතු කල බවත්, ඒ සදහා වනජිවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව කිසිදු අයුරකින් සහයෝගයක් ලබා නොදී අවාරයේ ශ්‍රී පාදස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ශ්‍රී පාදස්ථානය සංචාරය කිරිම ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ.

ශ්‍රී පාදස්ථානය අවාරයේ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම සම්බන්ධයෙන් අප නල්ලතන්නිය වනජිවි සංරක්ෂණ කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ අවාරයේ ශ්‍රී පාදස්ථානයේ සංචාරය සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම සදහා 2022 වසරේ වනජිවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවයි.

එම ගැසට් පත්‍රය අනුව (04) දින පස්වරුවේ සිට නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රී පාදස්ථාන සංචාරයේ යෙදෙන විදේශිය සංචාරකයෙකුට ඩොලර් 05 ක මුදලක්, සාර්ක් රටවල් වලින් පැමිණෙන විදේශීය සංචාරකයන්ට ඩොලර් 04 ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙසට තමන්ට වනජිවී දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරින්ගෙන් උපදෙස් ලැබුණු බවයි.

දේශීය සංචාරකයන්ට රු 40 ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, මෙම ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ශ්‍රී පාද අවාරයේ පමණක් සිදු කරන බවයි එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ.

අවාරයේ ශ්‍රී පාදස්ථානයේ සංචාරය සදහා පැමිණෙන සංචාරකයන්ට වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම නල්ලතන්නිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේද විරෝධය මතු වි ඇත.

(අද)

සබැඳි පුවත් :

අවාරේ ශ්‍රීපාද වන්දනාවට අවසර 

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ  (21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved