Connect with us

පුවත්

දුම්රිය වර්ජනය අවසන්

Published

on

උප දුම්රිය නියාමකවරුන් විසින් දියත් කර තිබු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

ප්‍රවාහන රාජ්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ සහභාගිත්වයෙන් දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් දුම්රිය මුලස්ථානයේදී අද (05) පැවැත්විණි.

අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ නියාමකවරු හා නියාමක සංගමයේ නියෝජිතයන් පිරිසක් ද එම සාකච්ඡාවට සහභාගී වූූහ.

කෙසේවෙතත් සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇති අතර, අසනීප නිවාඩු වාර්තා කළ උප දුම්රිය නියාමකවරු නැවත සේවයට වාර්තා කරමින් සිටින බව ද වාර්තා වේ.

අද (05) සවස වනවිට දුම්රිය ධාවනය උපරිම අයුරින් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු යොදමින් සිටී.

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව අද දින මීට කලින් පවසා තිබුණේ මාළිගාවත්ත දුම්රිය අංගනයේ ඊයේ (04) සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මූලික පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවද ‌මේ සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර අභ්‍යන්තර පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අද (05) නිවේදනයක් නිකුත් කරන දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ 2023 සැප්තැම්බර් මස 12 දින නිකුත් කරන ලද අංක 2349/19 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් මහජනතාව අපහසුවට පත් නොවන පරිදි අඛණ්ඩ හා කාර්‍යක්ෂම දුම්රිය සේවයක් පවත්වාගෙන යාම සඳහා 2023.10.05 දින පැය 12.00 ට පෙර සියළුම උප දුම්රිය නියාමකවරුන් වහාම නියමිත සේවා ස්ථාන වලට වාර්තා කළ යුතු බවට නියෝග කර ඇති බවයි.

තවද නියමිත සේවා ස්ථාන වලට වාර්තා කිරීමට අපහසු නිලධාරින් ආසන්නතම දුම්රිය ස්ථානය වෙත වාර්තා කළ යුතු බවත් එහි දැක්වේ.

දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සියළු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් එසේ කිරීමට අපොහොසත් වන සියලුම නිලධාරින්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට සිදුවන බවත් අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා තිබුණි.

පුවත්

ලීක් වුන දත්ත ගැන වහාම පියවර ගන්නැයි ආගමන විගමන පාලකට නියෝග

Published

on

By

පසුගියදා ඇති වූ වීසා ගැටළුව සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කිරීමට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) මැයි 14දා රැස්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අද දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයාවද රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබුණි.

මේ සාකච්ඡාව සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් එම කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත්තේ මෙම ගැටළුවේ සංවේදී බව හේතුවෙන් මාධ්‍ය වෙත හෙළිදරව් කරන්නේ මෙපමණක් බවයි.

මන්ත්‍රීවරයා පවසා තිබුණේ ජනප්‍රිය යූටියුබ් විකාශකයෙකු වන ‘ටෙක්ට්‍රෙන්ඩි’ විසින් හෙළිදරව් කර තිබුණු මෙම වීසා ක්‍රමවේදයට අදාලව සිදුවී ඇති දත්ත වල රහස්‍යභාවය නැතිවී යාම පිළිබඳ වහාම පියවර ගන්නා ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇති බවයි. ඔවුන් මේ වන විට එම පියවර ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.

සබැඳි පුවත් :

වීසා ගැටළුව ගැන අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට

Continue Reading

පුවත්

මුජිබර් ව මැතිසබේට නම් කරන ගැසට්ටුව පිටවෙයි

Published

on

By

ඩයනා ගමගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මුජිබර් රහුමාන් මහතාව නම් කළ බවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Continue Reading

පුවත්

මාර්ක් ඇන්ඩෘ සහ අනුර දිසානායක අතර හමුවක්

Published

on

By

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් (Marc-André Franche) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  මහතා අතර හමුවක් සිදුවිය.

ඒ, අද (09) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ය.

මෙම හමුව සඳහා  එක්සත් ජාතීන්ගේ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක පැට්‍රික් මැකාතී (Patrick McCarthy) මහතා, සාමය සහ සංවර්ධනය පිළිබඳ විශ්ලේෂක නෙත්මිනී මැදවල මහත්මිය සහ සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්විය.

මෙම හමුවේදී  ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්වය, සමගිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය. 

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරන බව පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ දේශපාලන පක්ෂ විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පිළිබඳවද අවධානය යොමු කළහ. 

තම දේශපාලන සංස්කෘතිය, ආරම්භයේ සිටම ආචාරධර්ම පද්ධතියක් පදනම් වී ඇති බව අවධාරණය කළ ජාතික ජන බලවේගය විසින් එ.ජා. නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට තම පූර්ණ සහය හිමි වන බව ප්‍රකාශ කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved