දශක කිහිපයක ජනමාධ්‍ය අත්දැකීම් සහිත අශෝක ජයතුංග මහතා, ඇමෙරිකාවේ වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාධ්‍ය ප්‍රධානියා ලෙස පත්කර තිබේ.
එරට තානාපති මහින්ද සමරසිංහ මහතා ගේ නිර්දේශය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්වීම සිදුකොට තිබේ.
ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙකු වන ඔහු, ලංකාදීප පුවත්පතේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම එහි ඉහළ තනතුරු දැරූවෙකි.
සදුදා හමුව, රජවීදිය, ඉරිදා ලංකාදීප තිරෙන් පිටුපස ප්‍රධාන දේශපාලන කොළම හා ජනපති අගමැති විපක්ෂ නායක ඇතුළු ප්‍රබලම දේශපාලනඥයන් සමඟ සම්මුඛ සාකච්ඡා ඇතුළු විශේෂාංග රැසක් දශක ගණනාවක් පුරා ඔහු විසින් මෙහෙයවිය.
90 දශකයේ මෙරට පැවැති එකම සජීවී දේශපාලන සංවාදය වූ ජාතික රූපවාහිනියේ “ජනමණ්ඩලී” මෙන්ම පසුව ITN හි “වන් ටු වන්” සජීවී දේශපාලන සංවාද රැසක් ද මෙහෙයවීය වුයේ ඔහු විසිනි.
ඇමෙරිකාවට අමතරව මෙක්සිකෝව හා ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ දෙරට ද ඔහුගේ රාජකාරි පත්‍රයට ඇතුලත්වේ.
තවද නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධාන ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාධ්‍ය කටයුතු සඳහා දායකත්වය ලබාදීම ද ජනපති විසින් ඔහුට පවරා තිබේ.
මෑතකදී ඔහු ලියූ “ජනපති e කොළම” කාගේත් අවධානයට ලක්වූ හා ආන්දෝලනයකට තුඩුදුන් සමාජ මාධ්‍ය ලිපි පෙළකි.