Connect with us

පුවත්

ලෝක කුසලාන රග්බි තරඟාවලීය ප්‍රංශයේදී ඇරඹෙයි

Published

on

2023 ලෝක කුසලාන රග්බි තරඟාවලිය ප්‍රංශයේ සත්කාරකත්වයෙන් අද (09) අලුයම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින් ආරම්භ විය.

මේ සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් “ස්තෙද් ඩි ෆ්‍රාන්ස් “ ක්‍රීඩාංගණයට රැස්ව සිටී අතර තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයට සඳහා නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම සහ සත්කාරක ප්‍රංශය කණ්ඩායමයි එක්වුහ.

පළමු අර්ධය උණුසුම් මුහුණුවරක් ගත් අතර ලකුණු 9ට 8ක් ලෙස සත්කාරක ප්‍රංශ කණ්ඩායම එහි පෙරමුණ ගෙන ඇත.

දෙවන අර්ධයේ සත්කාරක ප්‍රංශ කණ්ඩායම ලකුණු 20ක් රැස් කළ අතර නවසීලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 5ක් පමණි.

තරඟය පුරා ප්‍රංශ කණ්ඩායම උත්සහක දිනුම් 2ක්, එක් ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහර 5ක් සාර්ථක කරගත් අතර නවසීලන්තය සාර්ථක කර ගත්තේ උත්සහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් පමණි.

ඒ අනුව සත්කාරක ප්‍රංශය ලකුණු 27ට 13ක් ලෙස තරගය ජය ගෙන ඇත.

මෙම තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි කරගෙන සිටින TV1 නාලිකාව ඔස්සේ සියලු තරඟ නැරඹීය හැකි අතර තරග පැවැත්විම, මෙරට වේලාවෙන් සවස සහ රාත්‍රියේ බැවින්, ඒවා පටිගත කර නැවත විකාශය කිරිමක් සිදු වේ.

පුවත්

“සිදු නොවිය යුතු දෙයක් වුණා” – ප්‍රසන්න රණවීර

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

අද (17 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ප්‍රසන්න රණවීර මහතා මේ බව සඳහන් කලෙය.

සිදුවීමෙන් පසුව, එම පහර කෑමට ලක් වූ ගුවන් තොටුපොළ පෝටර්වරයා තවමත් සේවයට පැමිණ නොමැති අතර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වාතාවරණයක් මතුව ඇත.

ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා ප්‍රකාශ ක්ලේ, “ඒ මනුස්සයා පව්නෙ , ඒ මනුස්සයා රස්සාවට එන්න ඕනෑ , ඇවිත් වැඩ කරන්න එපායැ , නැතිනම් ජීවත් වෙන්න විදියක් නැහැනෙ ”  ලෙසය.

කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මෙම සිදුවීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද(17) උදෑසන අමාත්‍යවරයා වෙත කැඳවීමක් සිදු කර තිබූ අතර ඒ සඳහා උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණි අමාත්‍යවරයා  පැයකට ආසන්න කාලයක් තුළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලීසියෙන් පිටතට පැමිණ තිබුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හොර දොස්තරලා ගැන කියන්න Hotline එකක්

Published

on

By

රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ එවැනි සමහර පුද්ගලයින් ජනතාවට විවිධ මත් පෙති වර්ගද අලෙවි කරන බවය.

එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ක්ෂණික දුරකථන අංකය වන 1907ට ලබාදෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එම 40,000 තුළ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති පුද්ගලයින් රැසක් ද සිටින බව වෛද්‍ය විජේසිංහ පැවසීය.

Continue Reading

පුවත්

ගෝඨාභයට නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

Published

on

By

කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතාව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කලේය.

2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු 5ක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් 08 දෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට මරණ දණ්ඩනය නියම විය.

මෙම නියෝගය නිකුත් කළේ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved