පුවත්

අස්වැසුම අභියාචනා හා විරෝධතා ගණන 550,000ක් පන්නයි!

Published

on

අස්වැසුම සමාජ ප්‍රතිලාභ ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා 550,000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒවා විමර්ශනය කිරීමේ කටයුතු ද මේ වනවිට ක්‍රියාත්මක වන අතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඒ සඳහා කමිටු පිහිටුවා ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

අදාල අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට ලබන 10දා දක්වා අවස්ථාව ලබා දී තිබේ.

අස්වැසුම සමාජ ප්‍රතිලාභ ක්‍රමයෙන් සමෘද්ධිය අහිමි වූ පිරිස් පසුගිය දින කිහිපය පුරාවටම දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතාවල නිරත විය.

Trending

Exit mobile version