අස්වැසුම දෙවැනි අදියරේ අයදුම්පත් සළකා බැලීම ආරම්භ කර තිබේ.
දෙවැනි අදියරයේ දී අයදුම් පත්‍ර හාර ලක්ෂ 75000 ක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කලේය.
අයදුම් පත්‍ර භාරගැනීමේ කාලය, පසුගිය 13 වෙනිදායින් අවසන් වු අතර අස්වැසුම පළමු අදියර තුළ සංගණනය කළ සමස්ත අයදුම් පත් සංඛ්‍යාව, ලක්ෂ 34 කි.
ඉන් අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ලක්ෂ 18 ක් සුදුසුකම් ලබා ගෙන ඇත.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ ඉතිරි පුද්ගලයින් ලක්ෂ 16 , සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවය.