පුවත්

ආණ්ඩුවට එරෙහිව පෙත්සමක් ගේන්න සූදානමක්

Published

on

නීතියේ ආධිපත්‍ය පිහිටුවන ලෙස දන්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මහජන පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලේය.

ගම්මන්පිල මහතා මෙහිදී පවසා සිටියේ නීතිය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව ජනතාවගේ පිළිකුල ජනාධිපතිවරයාට දැන්වීම අදාළ පෙත්සම අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවය.

පාස්කු ප්‍රහාරය ගැන පර්යේෂණ වාර්තාවකින් චූදිතයින් ලෙස නම්කර සිටින රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඔවුන් දරණ තනතුරුවලින් ඉවත් නොකිරීම හේතුවෙන් ආණ්ඩුව නීතිය අයුතු ලෙස භාවිත කර ඇති බව මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙහිදී පවසා සිටියේය.

නීතිය අයුතු ලෙස භාවිත කරන බවට චෝදනා කරමින් හිටපු ජනාධිපතිවරු විවේචනය කල මාලිමාව තම රජය පත් වී ගතවන මුල් මාසය තුළම නීතිය අවභාවිත කිරීම සම්බන්ධයෙන් මහපාරේ, වැඩබිමේ, ගොවිපොළේ යන සෑම තැනකම සිටින ජනතාව දක්වන පිළිකුළ පෙත්සමකට ගොනු කිරීමට අපේක්ෂා කරන බව ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

Trending

Exit mobile version