පුවත්

ආණ්ඩුව රට ඇතුළෙත් බිලියන 17ක් ණය වෙලා!

Published

on

රජය විසින් බාහිර විදුලි බල සැපයුම්කරුවන්ට, කොන්ත්‍රාත්කරුවන්ට සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට රුපියල් බිලියන 1000ක පමණ ණය මුදලක් ගෙවීමට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා කියයි.

තමන් වෙත ලැබී තිබෙන තොරතුරුවලට අනුව විදුලිබල මණ්ඩලයට විදුලිය සැපයූ බාහිර විදුලි සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 100ක් පමණද කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන 300ක් පමණද ගෙවීමට නියමිතය. ඉතිරි බිලියන 600ක මුදල ගෙවීමට ඇත්තේ බැංකු ක්ෂේත්‍රවලටයි.

පසුගිය කොරෝනා සමයේ හෝටල් ක්ෂේත්‍රය සහ තවත් ක්ෂේත්‍ර ගණනාවකට ලබා දුන් ණය සහන වෙනුවෙන් එකී බැංකු කැප කළ මුදල රජය විසින් අදාළ බැංකුවලට පසුව ගෙවන බව ප්‍රකාශ කර තිබිණි.

එසේ ප්‍රතිපූර්ණය කළ යුතු මුදල රුපියල් බිලියන 600ක් පමණ වෙයි. මේ සියල්ල එක්වූ විට රජය විසින් මෙම අංශ තුනට ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 1000 ක් පමණවේ.

Trending

Exit mobile version