Connect with us

පුවත්

‘ආදම්ෆොරස්ට් කළුවා’  අත්අඩංගුවට

Published

on

පානදුර,කෙසෙල්වත්ත, දිග්ගල, හොරේතුඩුව ආදී ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ‘ආදම්ෆොරස්ට් කළුවා’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගේ තොරතුරකට අනුව පානදුර උතුර පොලිසිය මගින් ඊයේ (24) පස්වරුවේ මෙම සැකකරු සවස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා විය.

සැකකරු වෙනත් පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය ලබාදීම සඳහා මත්ද්‍රව්‍ය සමඟ පානදුර, කෙසෙල්වත්ත ආදම්ෆොරස්ට් ක්‍රීඩාංගණය අසළ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙම ජාවාරමට සම්බන්ධ එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම මේ වන විට විදෙස් රටක සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් මෙහෙයවන බවය.

මොවුන් සන්තකයේ තිබී ලක්ෂ 10 පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 30 කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු තිස්තුන සහ තිස් අට වයස්වල පසුවන පුද්ගලයන්වන අතර, ඔවුන් අද (25) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුවත්

මීළඟ විදුලි ගාස්තු සංශෝධනය තෙක් IMF ණය වාරිකය නොලැබේ

Published

on

By

ජුනි මාසයේදී සිදුකෙරෙනු ඇතැයි අපේක්ෂිත මීළඟ විදුලි ගාස්තු සංශෝධනය වන තෙක් අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇත.

මේ බව  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙලේ ආරංචිමාර්ග “දිවයින”ට තහවුරු කළේය.

මෙයට හේතුව වී ඇත්තේ අයිඑම්එෆ් එක සමග එකඟ වී ඇති  පිරිවැය ආවරණය කෙරෙන මිල ක්‍රමය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රමාද වීමයි.

මෙය ශ්‍රී ලංකාව පැත්තේ ප්‍රමාදයක් මිස අයිඑම්එෆ් ප්‍රමාදයක් නොවන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍රය  – දිවයින

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මර්වින් නැවතත් රිමාන්ඩ්

Published

on

By

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී දැනට අධිකරණය මගහරිමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඇප මත මුදා හැරි මහේෂ් ගම්මන්පිල නැවතත් රිමාන්ඩ්

Published

on

By

ඇප මත මුදා හරින ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ මහතා විසින් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙනි.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදුකිරීමෙන්,  දූෂණය නමැති වරද සිදුකළේ යැයි ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved