පානදුර,කෙසෙල්වත්ත, දිග්ගල, හොරේතුඩුව ආදී ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ‘ආදම්ෆොරස්ට් කළුවා’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගේ තොරතුරකට අනුව පානදුර උතුර පොලිසිය මගින් ඊයේ (24) පස්වරුවේ මෙම සැකකරු සවස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා විය.
සැකකරු වෙනත් පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය ලබාදීම සඳහා මත්ද්‍රව්‍ය සමඟ පානදුර, කෙසෙල්වත්ත ආදම්ෆොරස්ට් ක්‍රීඩාංගණය අසළ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙම ජාවාරමට සම්බන්ධ එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම මේ වන විට විදෙස් රටක සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් මෙහෙයවන බවය.
මොවුන් සන්තකයේ තිබී ලක්ෂ 10 පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 30 කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු තිස්තුන සහ තිස් අට වයස්වල පසුවන පුද්ගලයන්වන අතර, ඔවුන් අද (25) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.