පුවත්

ආයුර්වේද වෛද්‍යවරියකගේ ගෙල කපා මරලා!

Published

on

කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පිටුපස දී ආයුර්වේද වෛද්‍යවරියක වූ දෙදරු මවක ගෙල කපා ඝාතනය කර ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර කැලිඩෝ පාරේ පදිංචිව සිටී වික්‍රමාරච්චිගේ ප්‍රේමවතී නැමැති කාන්තාවක බව පොලිසිය කීය.

කාන්තාව අද අළුයම නිවස පිටුපස ගෙලෙහි කැපුම් තුවාල සහිතව වැටී සිටින අයුරු දැක පොලිසියට දැනුවත් කර ඇතැයි පොලිසිය පවසයි.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය .

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරයි.

Trending

Exit mobile version