පුවත්

ආර්ජන්ටිනාවේ අගනුවර “යුධ පිටියක්” වෙයි

Published

on

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර විශාල විරෝධතාවක් ඇතිව තිබේ.

ඒ එරට නීති සම්පාදකයින් අයවැය කප්පාදු කිරීමේ ප්‍රතිසංස්කරණ ගැන විවාද කරමින් සිටියදීයි.

කොන්ග්‍රසයෙන් පිටත කහලකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කැරලි මර්දන පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී විරෝධතාකරුවන් පොලීසිය දෙසට පෙට්‍රල් බෝම්බ සහ ගල් ප්‍රහාර එල්ල කර ඇති අතර, මෝටර් රථ දෙකක් ගිනිබත් කර තිබේ.

නව ප්‍රතිසංස්කරණ මගින් ආර්ජන්ටිනාවේ මිලියන ගණනකට හානියක් සිදුවනු ඇතැයි පෙලපාලිකරුවන් පවසන අතර, ජනාධිපති ජේවියර් මිලේ මෙම පියවර මගින් ආර්ථිකය පුනර්ජීවනය කිරීම අරමුණුවන බවයි පවසා ඇත.

ආර්ථික හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම සහ කම්කරු අයිතීන් කප්පාදු කිරීම එම ප්‍රතිසංස්කරණවලට ඇතුලත්ය.

Trending

Exit mobile version