Connect with us

පුවත්

“ආර්ථික දුෂ්කරතා මැද වුවත් ගුරු හිඟය විසඳුවා”

Published

on

ආර්ථික දුෂ්කරතා හමුවේ වුවත් ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000ක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් ලබාදීමට රජය සමත්වූ බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

රජය විසින් මෙරට පාසල් දරුවන් වෙනුවෙන් 2025 වර්ශයට අදාළ පාසල් නිල ඇඳුම් සැපයීම 100%ක් සිදුකරන බවත් 2025 වර්ශයට අදාල පාසල් පෙලපොත් ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව එහිදි අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේය.

ප්‍රධාන පෙලේ ජාතික පාසල් හැරුණු විට සෙසු සියළු පාසල් සඳහා දිවා ආහාරය ලබා දීමට කටයුතු කිරිම නිසා ලක්ෂ 17ක සිසු දරුවන් ප්‍රමාණයක් ප්‍රතිලාභ ලබන බවත් අමාත්‍යවරයා විසින් පවසා සිටින ලදී.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු වෘත්තිය ගැටලු ආශ්‍රිත කරුනු දෙකක් සඳහා විසඳුම් ලබා දීමට රජය කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා ගුරු වෘත්තිය ගැටළු පිලිබඳ සමාලෝචනයක් සිදුකර එය නිරාකරණය කිරීමට නියමිත බව සඳහන් කලේය.

ඒ සමඟ වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරිය එකඟ වූ පරිදි එළැඹෙන බදාදා දිනය වන විට අදාළ නියෝග ලිපි අමාත්‍යංශයට ලැබීමෙන් අනතුරුව පළාත් බලධාරීන් වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේය.

තවද දකුණු කොරියාවේ කොයිකා ආයතනය මඟින් සාගර විශ්වවිද්‍යාලය වෙත ඩොලර් මිලියන 85ක් ලබා දීමට නියමිත බවත් වෙනත් විශ්වවිද්‍යාල සඳහා ද විදෙස් ආධාර යටතේ ආරම්භ කර පසුගිය සමගේ අතරමැද නතර කර තිබුණු සංවර්ධන කටයුතුද මේ වන විට නැවත ආරම්භ කර ඇතැයිද එය විශ්වවිද්‍යාල පද්ධතියට මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහාද ඉතා වැදගත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved