Connect with us

පුවත්

ආර්ථික නීතිරීති දැඩි කළොත් රජය කඩාවැටීමට පුළුවන්  – ජනපති 

Published

on

ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි නීතිරීති අනුගමනය කිරීම තුළින් රජයන් සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ස්විට්සර්ලන්තයේ පැවැති සංවාද මණ්ඩපයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ දැඩි නීතිරීති මැද ජනතාව තෘප්තිමත් කිරීමටත් සිදුවීම අභියෝගයක් බවය.

ස්විට්සර්ලන්තයේ, ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ සංවාදයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද එක්වුණි. 

ණය අර්බුද නිසා බිඳවැටීමේ අවදානමට ලක්වූ ආර්ථිකයන් ප්‍රකෘතිමත් කිරීම මැයෙන් එම සංවාදය පැවැත්වුණි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“මම කිවයුතුයි අපි ද්විපාර්ශ්වික ණය සාකච්ඡා සම්බන්ධයෙන් හොඳ ස්ථාවරයක සිටින බව. පළමුවරට අපට ධනාත්මක වර්ධනයක් ළඟා කරගැනීමේ අවස්ථාවද උදාවුණා. මම මේ වසරේ 2%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වනවා. ඒ වගේම ලබන වසරේදී 4%ක හෝ 5%ක වර්ධනයක්ද අපේක්ෂා කරනවා.” 

“අපිට ඇති ප්‍රධාන ගැටලුව මෙය නැවත පියවීම පිළිබඳයි. අපගේ ගෙවුම් ශේෂයේ ප්‍රශ්න පවතිනවා. ඒ වගේම ආදායමත් වියදම් සඳහා ප්‍රමාණවත් නැහැ.” 

“අපි අපගේ ආදායම ඉහළ දැමීමට අපේක්ෂා කරන අතර අපි අපගේ සමස්ත වියදම එකතු කිරිමේ පද්ධති ප්‍රතිසංස්කරණයට ලක්කරමින් එක් එක් දෙපාර්තමේන්තු වෙනුවට ආදායම් අධිකාරියක් පිහිටුවීමට බලාපොරොත්තු වනවා.” 

“ගෙවුම් ශේෂ සම්බන්ධයෙන්, අපි නව ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගැනීමට සොයා බලනවා.” 

“පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් සූර්ය බලශක්තිය සහ සුළං බලය අපගේ අවශ්‍යතාවන්ට වඩා වැඩි ප්‍රමාණයක් අප සතුව පවතිනවා.” 

“එම ශක්තීන් භාවිත කිරීම වගේම අතිරික්තය ඉන්දියාව වෙත විකිණීම සඳහාද අප අදහස් කරගෙන සිටිනවා.” 

“සාම්ප්‍රාදායිකව බැලුවොත් බොහෝ දෙනෙකු තමන්ගේ ආදායමට වඩා වියදම් දරනවා. ඒ වගේම බැඳුම්කර වෙළෙඳපොළට සාම්ප්‍රදායික නීති මත කටයුතු කිරීමට සිදුවනවා.”

“මේ දෙක තුලිතව පවත්වාගෙන යන්නේ කොහොමද? දැඩිව නීතිරීති අනුගමනය කිරීම තුළින් සම්පූර්ණයෙන්ම රජය කඩාවැටීමකට ලක්වීමටද හැකියාව පවතිනවා.” 

“ඒ වගේම නිවාස, අධ්‍යාපනය හා සෞඛ්‍ය සම්බන්ධයෙන්ද දැඩි ඉල්ලුමක් පවතිනවා.” 

“ඒ නිසා මගේ මතය තමයි… මෙම ප්‍රශ්න පිළිබඳ ඉතා හොඳින් විචක්ෂණශීලීව බැලිය යුතු බව. අපි මේ ගැටලුවට මුහුණ පෑවේ ආපසු ගෙවීමේ සැලැස්මක් නොමැතිව වෙළෙඳාම් කළ නොහැකි භාණ්ඩ වෙනුවෙන් ණය ලබාගැනීම නිසයි.”

“කෙසේවෙතත් මෙම මූල්‍ය ගැටලුව විසඳීම අද ප්‍රමුඛතාවක් ලෙස පවතිනවා. ශ්‍රී ලංකාවේ අපට මෙය කළමනාකරණය කළ හැකි බවයි මගේ විශ්වාසය.”

(අද දෙරණ)

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved