Connect with us

පුවත්

මිනිස් පරිභෝජනයට නුසුදුසු ලම්ප්රයිස් වික්ක බව පෙරේරා ඇන්ඩ් සන්ස් පිළිගනියි

Published

on

පෙරේරා ඇන්ඩ් සන්ස් (Perera And Sons) හි ප්‍රධාන ශාඛාවෙන් ලබාගෙන පරික්ෂාවට ලක්කරන ලද ලම්ප්රයිස් (Lamprais) තොගයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තීන්දුවීමෙන් පසු වරද පිළිගත් එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 9දෙනෙකුට රුපියල් 180,000 ක දඩයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.

ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් පෙරේරා ඇන්ඩ් සන්ස් (Perera And Sons) වෙතින් අදාළ ලම්ප්රයිස් (Lamprais) ලබාගෙන බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට පරික්ෂා කිරීමට බාරදීමෙන් පසුව බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් ඒවා තුළ බැක්ටීරියානුවේදීව දූහනය වී ඇති බව තහවුරු කර තිබිණි.

ඊට අදාළ පරීක්ෂණ වාර්තාව බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ රස පරීක්ෂකවරයි විසින් ලබාදී තිබිණි.

 පසුව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් පෙරේරා ඇන්ඩ් සන්ස් (Perera And Sons) ආයතනයට හා එහි අධ්‍යක්ෂවරුන් නමදෙනෙකුට එරෙහිව එක් අධ්‍යක්ෂවරයකුට චෝදනා දෙකබැගින් ගොනුකරමින් මේ නඩුව පවරා තිබිණි.

ක්‍රීඩා

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත ගැටුම අද

Published

on

By

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (27) තරඟය ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වීමට නියමිතය.

අබුඩාබිහිදී පැවැත්වෙන මෙහි  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු හට හිමි වී ඇති අතර ස්කොට්ලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, කත්‍රයන් බර්සි විසිනි.

ඇ කාණ්ඩය නියෝජනය කරන ස්කොට්ලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එහි දෙවන ස්ථානයේ පසුවේ.

මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර තායිලන්තයට එරෙහිව තරග වැදුන අතර එම තරගය ලකුණු 67කින් ජයගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.

Continue Reading

පුවත්

අනුර අද ස්වීඩනයේ ජනහමුවක

Published

on

By

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබේ. 

ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද (27)  පස්වරු 6.00ට පමණ ජන හමුව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 

ජාතික ජනබලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කරනු  ලබයි.

ජනහමු හා සුහද හමු කිහිපයක් සඳහා සහභාගිවීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය 25 වැනිදා රාත්‍රියේ ස්වීඩනය බලා පිටත්ව ගිය අතර ස්වීඩනයේ STOCKHOLM ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ එරට ලාංකේයන්ගෙන් ඉහළ පිළිගැනීමක් විය. 

Continue Reading

පුවත්

රනිල්ගෙන් පසුව බැසිල්, ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි 

Published

on

By

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (27) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව සඳහන් කළේ, x පණිවුඩයක් නිකුත් කරමින් ය.

දේශපාලන තත්ත්වය ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව එහිදී සුහදව සාකච්ඡා කළ බව එහි දැක්වෙයි.

බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව සමඟ ඉතා කිට්ටුවෙන් ගනුදෙනු කරන දේශපාලකයකු ලෙස සැලැකෙන අතර, ඔහු ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට දින කිහිපයකට පෙර මුණ ගැසී තිබිණි.

කෙසේවුවද, ඒ හමුවේදී සිදු කළ සාකච්ඡා සම්බන්ධයෙන් දෙපාර්ශවයම කිසිවක් අනාවරණය කර නොතිබිණි.

බැසිල්, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයෙන්ද ඉවත්වීමෙන් පසුව වීම ද විශේෂිතය.

මේ අතර, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර ද හමුවක් සිදුව තිබේ.

ඒ සම්බන්ධයෙන්ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය X පනිවුඩයක් නිකුත් කර ඇත.

සබැඳි පුවත්
බැසිල් යළි රනිල් හමුවෙයි 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved