ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ඩොලර් මිලියන 30ක මූල්‍ය පහසුකමක් සඳහා අනුමැතිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ.
මෙම ඩොලර් මිලියන 30 ක මුළු පහසුකමෙන් ඩොලර් මිලියන 15 ක් මොරගොල්ල ජලවිදුලි බලාගාරයේ මෙහෙයුම් තිරසාර බව වැඩි දියුණු කිරීම සඳහා වෙන් කරනු ලබන අතර ඉතිරි ඩොලර් මිලියන 15 පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ ජාල ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සැලසීමේ ක්‍රියාකාරකම් සඳහා යෙදවීමට නියමිතය.
මෙය ශ්‍රී ලංකාවට සපයා ඇති මෙවැනි ආකාරයේ පළමු මූල්‍ය පහසුකමය.
නිවේදනයක් නිකුත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ ක්‍රියාත්මක සහ අනාගත බලශක්ති අංශයේ ව්‍යාපෘතිවල තිරසාර බව තහවුරු කිරීම එම මූල්‍ය පහසුකම යොදවන බවය.
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයටත්, එම ක්ෂේත්‍රය සඳහා පුද්ගලික අංශයේ දායකත්වය වැඩිකරගැනීමත් මෙම වැඩසටහනේ අරමුණු බවද ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Takafumi Kadono මහතා පවසා තිබේ.
2030 වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන් ඔස්සේ ලබාගැනීමට ඇති සැලැස්ම සාර්ථක කර ගැනීමටත් මෙම වැඩසටහන වැදගත් වන බව ආසියානු සංවර්ධන බැංකුව තවදුරටත් සඳහන්ය.