Connect with us

පුවත්

ආසිරි රෝහලට එරෙහිව 27දා තෙක් කටයුතු නොකරන්නැයි මාලිගාකන්ද අධිකරණයට නියෝගයක්

Published

on

ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව පවරා ඇත නඩුව සම්බන්ධයෙන් ලබන 27 වැනිදා දක්වා කිසිඳු ඉදිරි පියවරක් නොගැනීමට මාලිගාකන්ද අධිකරණයට අභියාචනාධිකරණය අද (12) දැනුම් දුන්නේය.

ආසිරි මෙඩිකල් රෝහලේ අධක්‍ෂවරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොතිසි නිකුත් කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පවරා ඇති පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස දැනුම් දුන්නේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා හමුවේ කැඳවන ලදී.

කෙසේවුවද, මේවන විට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩ බැලීමට පත් කළ මහේස්ත්‍රාත්වරිය වන හිමාලි ඒකනායක මහත්මිය කොළඹ ආසිරි රෝහලට හා එහි අධ්‍යක්ෂමණ්ඩලයට වාසි සහගතවන අන්දමින් කටයුතු කරමින් වෘත්තීය විශමාචාරයක් කර ඇද්ද? යන්න සෙවීමට අධිකරණ සේවා කොමිසම විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවූ නඩුවේ විත්තිකරුවන් ලෙස ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනය, එහි අධ්‍යක්ෂවරුන් වන විශාල් බාලි, අශෝක කාරියවසම් පතිරගේ, අන්කුර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න කරුණාරත්න, සුදර්ශන් අහංගම, ගාර්දියර් ලොකුගේ හැරීස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න හා බී.ඩී. සදතිසරු (සහකාර කළමනාකාරීනී බිල්පත්) ඇතුළු පිරිසක් නම්කර සිටියහ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවේදී වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට නියමකරනු ලැබුවේ රුපියල් 25,000/- ක දඩ මුදලකි.

පසුව, ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය නැවැත අධිකරණය හමුවට කැඳවූ අතර ඊට එරෙහිව එම රෝහල හා අධ්‍යක්ෂ මණ්ඩලය මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරියව වගඋත්තරකාරියක් කරමින් අභිවයාචනාධිකරණයේ නඩුවක් ගොනුකළේය.

සබැඳි පුවත්:
අශෝක් හා ආසිරි අධ්‍යක්ෂ නඩේට පක්ෂව තීන්දුව දුන්නැයි වැඩබලන විනිසුරුවරියට විමර්ශනයක්!

අශෝක් හා ආසිරි අධ්‍යක්ෂ නඩේ විනිසුරුවරිය වගඋත්තරකාරියක් කළ නඩුව 12දාට කල්යයි 

මෙතෙක් නොආ අශෝක පතිරගේ ඇතුළු ආසිරි අධ්‍යක්ෂ මණ්ඩලය අද අධිකරණය හමුවට 

අශෝක් පතිරගේ හා ආසිරි රෝහල් ලොක්කන්ට දුන් තීන්දුව ගැන මහේස්ත්‍රාත්වරිය පුදුම වෙයි 

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved