පුවත්

ඇමති නලින් බිත්තර ගෙනාවේ කොමිස් ගන්නයි චෝදනාවක්

Published

on

රාජ්‍ය නිලධාරීන් පිළිබඳව මහජනතාවට කලකිරිමක් ඇතිකරවා ඉකුත් වසරේ (2022) මැයි 09 වැනිදා වැනි සිදුවීමක් ඇතිකරන්නට වෙළෙඳ ඇමැතිවරයා කටයුතු කරමින් සිටින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා කියයි.

ග්‍රාමීය කර්මාන්තයක් වූ බිත්තර නිෂ්පාදනය බිඳ හෙළමින් වර්තමානයේ බිත්තරය පිළිබඳව ගොඩනැගී ඇති තත්ත්වයට වෙළෙඳ ඇමැතිවරයා මෙන්ම කිකිළියක් හෝ නොමැතිව ඇමැතිවරයාගෙන් යැපෙමින් වොයිස්කට් දෙන අනුර මාරසිංහ මහතා සෘජුවම වගකිවයුතු බවද සභාපතිවරයා කීවේය.

කොමිස් ලබාගැනීමේ අරමුණින් වෙළෙඳ ඇමැතිවරයා මෙරටට ගෙනැවිත් තිබෙන බිත්තර තොගය නිදහස් කරගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ජනතාව තුළ වෛරයක් ඇතිකරමින් සිටින බවද ඔහු පැවසීය.

සබැඳි පුවත්

ඉන්දියාවෙන් ගෙනා බිත්තර ගැන වාර්තාව හෙට!

අද පාර්ලිමේන්තුවෙත් බිත්තර නෑ කියයි

ඉන්දියාවෙන් බිත්තර පටවගෙන එන්න ඇමති නලින් ගෝලයෙක් යවයි!

Trending

Exit mobile version