පුවත්

ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

Published

on

මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම්කරුවන්ට දැනුම්දීමක් සිදු කර තිබේ.

එහි සඳහන් වන්නේ, සියලුම අයදුම්කරුවන් ඔවුන්ගේ වීසා පැකේජ නිරීක්ෂණය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තහවුරු කිරීම සඳහා, 2025 පෙබරවාරි 8 දින සිට බලපැවැත්වෙනපරිදි, වීසා සම්බන්ධ සියලුම ලේඛන ඉදිරිපත් කිරීම් සහ එකතු කිරීම් VFS කුරියර් සේවාව හරහා සිදු කළ යුතු බවය.

එක්සත් ජනපද තානාපති කාර්යාලය තවදුරටත් වීසා පැකේජ සම්බන්ධ සෘජු ඉදිරිපත් කිරීම් හෝ එකතු කිරීම් නොපිළිගන්නා බව ද ඔවුන් වීසා අයදුම්කරුවන්නට දැනුම් දී තිබුණි.

එමෙන්ම ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා කරුණාකර යාවත්කාලීන කරන ලද ක්‍රියාවලිය අනුගමනය කරන ලෙසයි ඔවුන්  ඉල්ලා සිටියි.

පෙබරවාරි 8 වනදා සිට, සුවිශේෂී බෙදාහැරීමේ සේවා සහ විකල්ප ගෙවීම් ක්‍රම පිළිබඳ විස්තර දැන ගැනීම සඳහා ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසිය හැකි බවයි දැනුම් දී ඇත.

Trending

Exit mobile version