Connect with us

පුවත්

 “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් කැඳවයි

Published

on

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය‍වේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව ක්‍රියාත්මක කරන “ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන” සඳහා 2023  අයදුම්පත් කැඳවා තිබේ.

ඒ අනුව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය ඔක්තෝබර් 11 දින බව ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් දෙවරක් ප්‍රතිලාභ ලබා ගැනීමට මාධ්‍ය‍වේදීන්ට අවස්ථාව සැලසෙන අතර, පළමු ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් වසර 05ක් ඉක්මවා ගිය පසු දෙවැනි අවස්ථාව සඳහා අයදුම් කළ හැකි බව අමාත්‍යාංශය කියයි.

මෙමඟින් උපාධි හා පශ්චාත් උපාධි වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ දෙකක මුදලක් (රු. 200,000/=) හා දිගුකාලීන හා කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (රු. 100,000/=) උපරිමයක මුදලක් ගෙවනු ලැබේ.

ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලැබූ මාධ්‍ය‍වේදීන්ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් 50%ක් පාඨමාලාව ආරම්භයේදී පළමු වාරිකය ලෙස ගෙවනු ලබන අතර, ඉතිරි 50%න් 25%ක් දෙවැනි වාරිකය ලෙසත් ඉතිරි 25% පාඨමාලාව සම්පූර්ණ කර සහතිකපත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවන බවත් අමාත්‍යාංශය පවසයි.

වසර 03ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියැළී සිටින වයස අවුරුදු 18 – 55 අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන් හා මාධ්‍ය තාක්ෂණික ශිල්පීන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි.

ඉල්ලුම් කරන පාඨමාලාව ඍජුවම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විය යුතු අතර අයදුම්කරුවන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් 2023 වර්ෂය සඳහා ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පත ලබා තිබිය යුතුය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවක් මඟින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට භාජන කර ශිෂ්‍යත්වලාභීන් ලෙස තෝරා ගනු ලබයි.

මේ සඳහා අයදුම් කරන සියලු අයදුම්පත් ඔක්තෝබර් 11 දින හෝ එදිනට පෙර අධ්‍යක්ෂ, (මාධ්‍ය) ජනමාධ්‍ය අමාත්‍යාංශය අංක 163, ‘ඇසිදිසි මැඳුර’ කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 දරන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

වැඩි විස්තර, දුරකතන අංක 0112513645 / 0112514632 ඇමතීමෙන් හෝ ආදර්ශ අයදුම්පත් www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved