පුවත්

ඉඩම් ඔප්පු10,000ක් දෙන්න කෑමට වියදම කෝටි එකහමාරයි – කින්ස් නෙල්සන්

Published

on

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ඔප්පු 10,000 ක් ලබාදීමේ වැඩසටහනට පැමිණි පිරිසට ආහාර වේලක් ලබාදීමට රුපියල් කෝටි එකහමාරක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කින්ස් නෙල්සන් මහතා කියයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

එසේම, දඹුල්ලට පැමිණි බස් රථයකට රුපියල් 40,000 ක මුදලක්ද ලබාදී ඇති බවද ඔහු කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා,


“යාපනය , පොළොන්නරුව , ත්‍රිකුණාමලය ඇතුළු සියලුම දිස්ත්‍රික්කවලින් 10,000 ක් දඹුල්ලට කැඳවලා ඒ පිරිසට ආහාර වේලක් ලබාදීමට මිලියන 15 ක් වැය කරලා තිබෙනවා. එක පුද්ගලයෙකුට රුපියල් 1500 ක මුදලක් කෑම වෙනුවෙන් වෙන් කරලා. ඒ වගේම කෑමට අමතරව දඹුල්ලට පැමිණි ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබාදීලත් තිබුණා.

ජනාධිපතිවරයාට තිබුණා අදාල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම්වරු සහ දිසාපතිවරු හරහා මෙම වැඩසටහන සංවිධානය කරලා සූම් තාක්ෂණය ඔස්සේ ජනතාව ආමන්ත්‍රණය කරලා මේ ඔප්පු 10,000 බෙදාදීම සිදුකරන්න. රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි කටයුත්තක් සිදුකිරීම නොකළ යුතු දෙයක්.”

Trending

Exit mobile version