පුවත්

ඉදල්ගස්හින් දුම්රිය මගේදී අනතුරට පත් චීන කතගේ තත්ත්වය බරපතලයි

Published

on

උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක සිට අනතුරට පත් චීන ජාතික කාන්තාවගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඇය මුලින්ම හපුතලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර පසුව බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබිණි.

අනතුරට පත් කාන්තාව දුම්රියෙන් එළියට හිසදමා ගමන්කර ඇති අතර, එහිදී ඉදල්ගස්හින්න 19 වන බිම්ගෙයි හිස වැදීමෙන් අනතුරුව දුම්රියෙන් වැටී ඇත.

ඇගේ හිසට හා පාදයට බරපතළ තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් ඇය දුම්රියෙන්ම රැගෙන විත් 1990 ගිලන් රථ සේවය මඟින් රෝහල්ගත කර තිබේ.

මේ සිද්ධියට මුහුණදුන් කත 35 හැවිරිදි වියේ පසුවන්නියකි.

Trending

Exit mobile version