Connect with us

පුවත්

ඉදිරි ජනපතිවරණයේදී කාටවත් සහය දෙන්න තීරණය කරලා නෑ – චන්ද්‍රිකා

Published

on

ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සහාය ලබාදීමට මෙතෙක් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග පවසන්නීය.

ඇය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එසේම, පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීමට ද මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද එහි දැක්වේ. 

විවිධ ජනපති අපේක්ෂකවරුන්ට ජනාධිපතිවරණයේ දී සහාය ලබාදීමට තීරණය කර ඇති බවට ජනමාධ්‍යවල පවතින වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍යය බව සිය නිවේදනය මඟින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මිය දැනුම් දී තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

පුවත්

ලංකා බැංකු කෙසෙල්වත්ත ශාඛාවේ කෝටි දහයේ වංචාවට තවත් 3ක් අත්අඩංගුවට

Published

on

By

පානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර නිලධාරිනියන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති නිලධාරීන් අතර මාණ්ඩලික සහකාර නිලධාරිනියක් සහ කනිෂ්ඨ විධායක නිලධාරිනියන් දෙදෙනෙකු සිටින බව පැවසේ.

අඩු අගයක් සහිත රන් භාණ්ඩ බැංකුවට උකස් කර සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගැනුණේ ඔවුන් තිදෙනා උකස් පත්‍රිකාවල ව්‍යාජ අත්සන් යොදා රුපියල් 99,370,100 ක වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයේ දී ය.

මාණ්ඩලික සහකාර නිලධාරිනිය ලෙස සේවය කළ 36 හැවිරිදි සැකකාරිය පානදුර බෙත්තේගම පුන්සරාවත්ත පාර නිවසේ දී ද, 37 හැවිරිදි කනිෂ්ඨ විධායක නිලධාරිනියක් වාද්දුවේ තල්පිටිය දකුණ, දළදාවත්ත පාර නිවසේදීද අත්අඩංගුවට ගෙන ඇත. 

36 හැවිරිදි අනෙක් නිලධාරිනිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර විහාර පාරේ පිහිටි නිවසේදීය.

සැකකාරියන් පොදු දේපළ පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ (1) විසින් මෙහි පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දුමින්ද යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී කාන්තාවක භාරයේ තිබී රන් ආලේපිත ඨ්-56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පසුගිය මැයි 23 වන දින අත්අඩංගුවට ගැනීම සිදුවිය.

මේ වන විට සිද්ධියට අදාළ පරීක්ෂණවලට අනුව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින දුමින්ද දිසානායක මහතා  අද (05) පෙරවරුවේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලේය.

ජූනි 19 වනදා දක්වා දුමින්ද දිසානායක මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

චොප්පෙලගේ සෙල්ලම් ඉවරයි!… බස් වලට AI එයි (වීඩියෝ)

Published

on

By

බස් රථ අනතුරු වැළැක්වීමේ අරමුණින් ඉදිරි මාස දෙක තුළ බස් රථවලට කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

2025 ජුනි 05 වන දින පාර්ලිමේන්තු සැසිවාරයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම නව්‍ය තාක්ෂණය මුලික අදියරේදී බස් රථ 40කට ඒකාබද්ධ කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.

මෙම AI තාක්ෂණය භාවිතයෙන්, රියදුරන්ගේ අවධානය, මාර්ග තත්ත්වයන්, සහ වාහන චලනය පිළිබඳ තත්කාලික දත්ත විශ්ලේෂණය කරමින් බස් රථවල ආරක්ෂාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, රියදුරන්ට නින්ද යාම, අධික වේගයෙන් ධාවනය, හෝ අනතුරු ඇතිවිය හැකි අනෙකුත් හේතු හඳුනාගෙන ඒවා අවම කිරීමට මෙම තාක්ෂණය උපකාරී වනු ඇත.

මීට අමතරව, රජය විසින් මගීන්ගේ ආරක්ෂාව සහ ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින්, විශේෂ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

මෙම මාර්ගෝපදේශ මාලාව කරුණු 85කින් සමන්විත වන අතර, ඒවා බස් රථ රියදුරන්ගේ හැසිරීම, වාහන නඩත්තුව, මාර්ග ආරක්ෂාව, සහ මගී සුබසාධනය ආශ්‍රිත බොහෝ අංශ ආවරණය කරයි. මෙම මාර්ගෝපදේශ 2025 ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ යටතේ, බස් රථ රියදුරන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ද සංවිධානය කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් ඔවුන්ගේ වෘත්තීය කුසලතා සහ ආරක්ෂිත රියදුරු හැසිරීම් තවදුරටත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වේ.

එසේම, AI තාක්ෂණය ඒකාබද්ධ කිරීමේ මුලික අදියරේදී ලබාදෙන බස් රථ 40 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සහ පෞද්ගලික බස් රථ ඇතුළුව තෝරාගත් ඒවා වන අතර, මෙම වැඩසටහනේ සාර්ථකත්වය අනුව එය රටපුරා බස් රථ සඳහා ක්‍රමයෙන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

වීඩියෝ – Voice Tube

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved