“ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තය බවට පත්වීමට තවත් නොබෝ දිනකින්ම ලංකාවට නොම්මරය ලැබෙන්නට නියමිත” බව ශ්‍රී සුනේත්‍රාදේවි පිරිවෙන් රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
එදාට කිසිවකුට කතා කරන්නට කිසි දෙයක් ඉතිරි නොවෙනු ඇති බවත්, එදාට ඊශ්‍රාලය බවට පත්වෙන්නේ මේ රටේ උතුරු නැගෙනහිර පළාත බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
මේ ආණ්ඩුව ජනතාව ඉදිරියට නොගෙනම ඉන්දියාවේ බල කිරීමට ඇතැම් ගිවිසුම් අත්සන් කරන්නේ නම්, ඒවා තම තමන්ගේ පක්ෂවල හා තම තමන්ගේ පෞද්ගලිකත්වය විසින් අත්සන් කරන ඒවා මිස, මේ රටේ ජනතාව හෝ මේ රට එකඟ වෙන විසඳුම් නොවන බව ඉතාම පැහැදිලිව සඳහන් කළ යුතු යැයි ද උන්වහන්සේ කීහ.
අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (28) පැවැති දේශප්‍රේමි ජාතිමාමක ජාතික සමුළුවේදී අභයතිස්ස හිමියෝ මේ බව පැවැසූහ.
මෙම සමුළුව සිංහලේ ලෝක උරුම පදනම විසින් සංවිධානය කර තිබිණි.
මේ වන විට ත්‍රිකුණාමලයේ වරාය ආශ්‍රිතව විශාල භූමි ප්‍රමාණයක් ඉන්දියාව තමන්ගේ ව්‍යාපෘති සඳහා අත්පත් කරගනිමින් සිටින බවත්, විහාරස්ථාන රැසකුත් ඒ භූමියට ඇතුළත් බවත් උන්වහන්සේ කීය.
ඉන්දියානු ආරක්ෂක ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් අපේ ආරක්ෂක හමුදාව ඉන්දීය රෙජිමේන්තුවක් බවට පත් කරන තැනකට තල්ලු වෙන බවද මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙහිදී අවධාරණය කළහ.
අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක බෙංගමුවේ නාලක හිමි. අස්ගිරි පාර්ශ්වයේ ලේකඛාධිකාරි මැදගම ධම්මානන්ද, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, සිංහලේ ලෝක උරුම පදනමේ අනුශාසක මහා බ්‍රිතාන්‍යයේ කස්සප යන හිමිවරු ද මෙහිදී අදහස් දැක්වූහ. ත්‍රෛනිකායික මහා සංඝරත්න සහ ජාතික සංවිධාන නියෝජිතයෝ මෙම සමුළුවට සහභාගී වී සිටියහ.
මූලාශ්‍රය – අරුණ