Connect with us

පුවත්

ඉන්දියානු ප්‍රදාන යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛ ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට සාකච්ඡා

Published

on

මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (01) දිනයේදී කොළඹ දී බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සමඟ සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ.

ඒ, ඉන්දියානු රජය විසින් බෞද්ධ බැඳීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සහ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩ කටයුතු පිළිබඳවයි.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා අංශයේ පළමු ලේකම් එල්ඩෝස් මැතිව් පුන්නූස් මහතා සහ ඉන්දියානු සහ ශ්‍රී ලංකා රජයන් නියෝජනය කරමින් තවත් නිලධාරීහු ද මෙම සාකච්ඡා සඳහා සහභාගී විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා 2020 සැප්තැම්බර් මාසයේදී පැවති අතථ්‍ය ද්විපාර්ශවික සමුළුව අතරතුර ද්විපාර්ශවික බෞද්ධ බැඳීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ප්‍රකාශයට පත් කළ අතර ඒ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී 2022 මාර්තු 28 වන දින අත්සන් තැබිණ.

මහ කොමසාරිස්තුමා සහ අමාත්‍ය වික්‍රමනායක මහතා මෙම ප්‍රදානය යටතේ බුදු දහම හා සබැඳි අංශයන්හි ක්‍රියාත්මක කළ හැකි යැයි දෙරට විසින් ඒකාබද්ධව හඳුනාගත් ප්‍රමුඛතා ව්‍යාපෘතීන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉක්මන් පියවර ගැනීමට එකඟ වූහ. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි වන්දනා ස්ථාන සහ පිරිවෙන්වල සූර්ය බල පහසුකම් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියාමාර්ග ද මෙහිදී හඳුනාගන්නා ලදී.

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් පැවති රැස්වීමේ දී එම නවීන සංස්කෘතික මධ්‍යස්ථානය මහජනතාවට පරිහරණය කිරීම උදෙසා ඒකාබද්ධ රාමුවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය. මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ඇමරිකානු ඩොලර් මිලියන 11කට අධික ඉන්දියානු රජයේ ප්‍රදානයක් යටතේ ඉදිකර තිබෙන අතර එය තට්ටු දෙකක් පුරා පැතිරි කෞතුකාගාරයක්, ආසන 600කට අධික නවීන රංග ශාලා ආකාරයේ ශ්‍රවණාගාරයක්, තට්ටු 11ක ඉගැනුම් කුළුණක් සහ විවෘත රංග ශාලාවක් ලෙස ද භාවිතා කළ හැකි පොදු චතුරස්‍රයක් ඇතුළු විවිධ පහසුකම්වලින් සමන්විතය.

ජනතා කේන්ද්‍රීය ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලාංකේය ජනතාවගේ දෛනික ජීවිතයට සුබවාදී බලපෑමක් ඇති කිරීමට ඉන්දියාවේ දැඩි කැපවීම මෙම සාකච්ඡා ද්විත්වයෙන් පිළිඹිබු වේ. මෙම ව්‍යාපෘතීන් ශ්‍රී ලංකා සමාජයේ සියලු අංශයන්හි ඉල්ලීම් සහ අවශ්‍යතා මෙන්ම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා මත පදනම් වී ඇත. ඉන්දියානු ප්‍රදාන යටතේ මේ දක්වා ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘතීන් 85කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇති අතර එයින් නවතම ව්‍යාපෘතිය වන්නේ ශ්‍රී ලංකා ඒකිය ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතියයි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved