Connect with us

පුවත්

කොළඹ විරෝධතාවයකට අධිකරණයෙන් ආඥාවක් (Update)

Published

on

අද (05) දිනයේ කොළඹදී සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලීසිය කොටුව අධිකරණයට කරුණු වාර්තා කර වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.

ඒ , පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, අන්නරේ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශ්වයන් විසින් සිදු කිරීමට නියමිත බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙනි.


(පෙර පුවත 2025 අප්‍රේල් 05, පෙ.ව.11:57)

“ඉන්දියානු විජිතකරණයට රට බිලිදෙන ගිවිසුම් එපා”

ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරය සමඟ අත්සත් කිරීමට නියමිත ගිවිසුම් පිළිබඳව නිසි හෙළිදරව්වක් රටට කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. 

“ඉන්දියානු විජිතකරණයට රට බිලිදෙන ගිවිසුම් එපා” මැයෙන් අද (05) දහවල් 12.30ට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනු ලබන විරෝධතාවයක් කොළඹ දී පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වීය.

පුවත්

Company 65ක් හැමදාම වරායෙන් බඩු පන්නවා.ආණ්ඩුවත් හොරුන්ව රකිනවා (වීඩියෝ)

Published

on

By

රේගුව හරහා පරීක්ෂා නොකර බහාලුම් පිට කිරීමට අදාළව නිකුත් වූ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම සහ මෙම වංචාවට සම්බන්ධ සමාගම් හිමියන්ගේ නම් හෙළිදරව් නොකර සිටීමට රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විශේෂ අනාවරණයක් සිදුකරන ලදී.

ඊයේ (06) දින එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවේදී අදාළ තොරතුරු පිළිබඳ අනාවරණය විය.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා, 

2025 07 06 දින පැවති මාධ්‍යය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා දැක්වූ අදහස් #flsplanka #PeoplesPower #viralvideoシ

Posted by Front Line Socialist Party on Sunday, July 6, 2025

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේ­නට පිටින් කෑම ගේන්න අවසර නැහැ

Published

on

By

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට පිට­තින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

රක්ෂිත බන්ධ­නා­ගාරගත කළ රැඳ­වූ­ව­කුට පිට­තින් ආහාර ගෙන ඒමට ඉල්ලී­මක් කළ යුත්තේ එම රැඳ­වූ­වාගේ පවුලේ සාමා­ජි­ක­යකු වුවද මෙම ඉල්ලීම කර තිබුණේ එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාගේ හිටපු ලේක­ම්ව­ර­යකු විසිනි.

ඔහු පවුලේ සමී­ප­ත­ම­යකු නොවන නිසා එම ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්­තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

මේ අතර  බන්ධ­නා­ගාර වෛද්‍ය­වරු සිදු කළ පරි­ක්ෂා­වේදී ඔහු යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් පසුවූ බවට ද අනා­ව­ර­ණය වී තිබේ.

මේ හේතුවෙන් ඊයේ (06) දිනයේ ද හිටපු අමාත්‍යවරයා  බන්ධ­නා­ගා­ර­යෙන් ලබා­දෙන ආහාර කෑමට ගෙන ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

Published

on

By

ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින, වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved