අද (05) දිනයේ කොළඹදී සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලීසිය කොටුව අධිකරණයට කරුණු වාර්තා කර වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.
ඒ , පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, අන්නරේ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශ්වයන් විසින් සිදු කිරීමට නියමිත බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙනි.
(පෙර පුවත 2025 අප්‍රේල් 05, පෙ.ව.11:57)
“ඉන්දියානු විජිතකරණයට රට බිලිදෙන ගිවිසුම් එපා”
ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරය සමඟ අත්සත් කිරීමට නියමිත ගිවිසුම් පිළිබඳව නිසි හෙළිදරව්වක් රටට කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
“ඉන්දියානු විජිතකරණයට රට බිලිදෙන ගිවිසුම් එපා” මැයෙන් අද (05) දහවල් 12.30ට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනු ලබන විරෝධතාවයක් කොළඹ දී පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වීය.