Connect with us

පුවත්

ඉන්දියාවෙන් ආදේශක සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ලංකාවට

Published

on

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ආදේශක ඩෝනියර්-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාරදීම අද (16) කටුනායකදී සිදුවිය.

මීට පෙර ඉන්දියාව විසින් ලබාදී තිබුණු ඩෝනියර්-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය, වසරක කාලයක් සක්‍රීයව සුවිශේෂී සේවයක් ඉටු කිරීමෙන් අනතුරුව වාර්ෂික අනිවාර්ය නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාව වෙත යැවීමට කටයුතු කරන තිබෙන අතර, එම ගුවන් යානය වෙනුවට අනුප්‍රාප්තික ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය මෙලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත අද ලබා දී තිබේ.

කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා, මෙන්ම ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් එක්විය.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසර දෙකක කාලයක් සඳහා 2022 අගෝස්තු 15දා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දෙනු ලැබීය. එම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසරක කාලයක් සක්‍රීය සේවයේ යෙදෙමින් සුවිශේෂී සේවාවක් ඉටු කරනු ලැබූ අතර එම ගුවන් යානයේ වාර්ෂික අනිවාර්ය නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාව වෙත යැවීමට කටයුතු කරන ලදී. අනුප්‍රාප්තික ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය මෙලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබා දී ඇත්තේ කලින් ගුවන් යානය වෙනුවටයි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය ඉන්දීය නිල සංචාරය සමඟ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බවත් ඉදිරියේ දී දෙරට වඩා පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අද දින පැවති උත්සවයේදී කියා සිටියේය.

ගුවන් යානය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට යළිත් ස්තූතිය පළ කරන බවද රත්නායක මහතා පැවසීය..

“අපගේ අසල්වැසි සහ මිත්‍ර රටක් වන ඉන්දියාව අපට විශාල ලෙස උපකාර කරනවා. අප දෙරට අතර පවතින්නේ දීර්ඝකාලින බැඳීමක්. ශ්‍රී ලංකාව මුහුණ දුන් පසුගිය ආර්ථික අභියෝගය හමුවේ ඉන්දියාව මිත්‍රත්වයෙන් එහා ගියා සහෝදරත්වයිකින් යුතුව අප වෙනුවෙන් කටයුතු කළා. මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ඉන්දීය නිල සංචාරය සමඟ එම බැඳිම් තවදුරටත් ශක්තිමත් වූ බව කිවයුතුයි. ඒ අනුව ඉදිරියේ දී දෙරට සමීප සහයෝගයකින් වැඩ කිරීමට තීරණය කර තිබෙනවා. “සබඳතාව” යන්න මෙහි වැදගත්කම කරුණයි. එය පුළුල් අර්ථයක් තිබෙන වචනයක්. එය මාර්ග සබඳතා, ජනතාව අතර සබඳතා, ආර්ථික සබඳතා,  සැපයුම් සබඳතා හෝ ආරක්ෂක සබඳතා විය හැකි,” යැයි ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved