ඉන්දියාව සහ පාකිස්තානය වහාම පූර්ණ සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කර තිබේ.
‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.
මෙම සටන් විරාමට ඉන්දීය වේලාවෙන් අද ප.ව. 5.00ට ඇරඹුනු බව එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් – වික්‍රම් මිස්රි මහතා පවසා ඇත.මේ අතර, ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් මහතා හා පකිස්තානු නියෝජ්‍ය අගමැති – ඉෂාක් ඩර් මහතා ද මේ බව තහවුරු කරමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.