Connect with us

පුවත්

ඉන්දිය ආරක්ෂක ලේකම්ගේ නොපැමිණීම ගැන තැන තැන කතා

Published

on

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගේ මෙරට සංචාරය අවසන් මොහොතේ දී අවලංගු කිරිම පිළිබද ලොවපුරා දේශපාලන ප්‍රධානීන්ගේ අවදානයට යොමුව ඇති බව වාර්තා වේ.

පසුගිය සතිඅන්තයේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරය කිරීමට නියමිතව තිබුණ ද ඊට දින දෙකකට පමණ පෙර ඔහු එම සංචාරය අවලංගු කළ බව ප්‍රකාශ කෙරුණි.

කෙසේවෙතත් යළිත් ඔහු මෙරට සංචාරය කරන දිනයක් සම්බන්ධයෙන් එහිදි කිසිදු ප්‍රකාශයක් සිදුකර තිබුණේ නැහැ.

චීන පර්යේෂණ නෞකාවක් මෙරටට පැමිණීම සඳහා අවසර ඉල්ලා ඇති පසුබිමක ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණෙන බව ප්‍රකාශ කර තිබුණි.

මෙම තත්ත්වය හමුවේ මත භේදාත්මක කරුණු කාරණා නිර්මාණය වෙමින් පවතින අතරතුර ලොව පුරා බොහෝ දේශපාලන සහ ආරක්ෂක අංශවල මේ පිළිබඳව කතාබහට ලක්ව තිබේ.

ලොව සිව්වැනියට ශක්තිමත්ම යුද හමුදා බලවතා ලෙස සැලකෙන ඉන්දීය ආරක්ෂක හමුදාවේ ප්‍රධානීයා වන රාජ්නාත් සිං මහතා මෙරට සංචාරය අවලංගු කිරීම බරපතළ ගැටලුවක් බව දේශපාලන සහ ආරක්ෂක අංශ සඳහන් කළේය.

මෙම සංචාරය අතරතුර දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

එමෙන්ම ඉන්දීය ආරක්ෂක ආමාත්‍යවරයා එම සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් මෙන්ම රජයේ ප්‍රධානීන් ද හමුවීමට සැලසුම් කර තිබු බව සඳහන්ය.

මූලාශ්‍රය – අද දෙරණ  

පුවත්

චමුදිත හා කීර්තිට එරෙහිව විජේදාස, වාරණයක් ගනියි!

Published

on

By

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික්‍රමට හා කීර්ති රත්නායකට යන මාධ්‍යවේදීන්ට එරෙහිව නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්ෂ මහතා විසින් ඊයේ (09) නිකුත් කළේය.

ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් චමුදිත සමරවික්‍රම හා කීර්ති රත්නායක වග උත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කළේය.

වග උත්තරකරුවන් දෙදෙනා විසින් සම්මුඛ සාකච්ජාවක් පවත්වා Truth with Chamuditha යූ ටියුබ් නාලිකාව ඔස්සේ මුද හැරීම මගින් සිදු කර ඇති අපහාසය සහ අවමානය හේතුවෙන් සිදුවූ අගතියට රුපියල් මිලියන 1,000ක වන්දි මුදලක්  ඉල්ලා මෙම නඩුව ගොනුකොට ඇත.

චමුදිත සමරවික්‍රම විසින් කීර්ති රත්නායක සමඟ 2025.04.30 වන දින හෝ ඊට ආසන්න දිනක දී සම්මුඛ සාකච්ඡාවක් පවත්වා එය පළමු විත්තිකරුට අයත් ඔහු විසින් පවත්වා ගෙන යන Truth with Chamuditha යූ ටියුබ් නාලිකාවේ විකාශනය කළ බවත්, එම සාකච්ඡාව පැමිණිලිකරුට චෝදනා කිරීමට හා අපහාස කිරීමට යොදාගෙන ඇති බවත්, පැමිණිලිකරු සහ ඔහුගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ යන අය නීති විරෝධී ලෙස දූෂණ සහ අපරාධ සිදු කරන්නන් බව පෙන්වීම සඳහා චේතනාන්විතව සහ දැඩි අපහාසාත්මකව අවලාද කළ බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත.

විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ ජයමුදිතා ජයසූරිය මහතමියගේ උපදෙස් මත හරීෂ් රත්නසූරිය, හර්ෂ ලියනගේ, සුරාජ් වල්ගම, දසුන් නාගස්හේන යන නීතීඥ මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ ඉක්රාම් මොහමඩ් මහතා පෙනී සිටියේය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

ජොනී පොහොට්ටුවේ මෙහෙයුම් ප්‍රධානියා කරයි

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ඒ මහතාගේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුව මහතාව පත් කර ඇතැයි වාර්තා වේ.

මෙම රැස්වීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය සහභාගි වී තිබිණි.

Continue Reading

පුවත්

විභාග කොමසාරිස් තැනට මුල්වරට කතක්!

Published

on

By

නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත්ව තිබේ.

ඇය මෙරට 11 වැනි විභාග කොමසාරිස් ජනරාල්වරිය වන අතර ඇය එම තනතුර සඳහා පත්වූ පළමු කාන්තාව වීම විශේෂත්වයකි.

මාපලගම මධ්‍ය මහ විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළ ඇය ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා රුහුණ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදි උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධිය හා පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාව ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග් විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද අනතුරුව ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද හිමිකර ගෙන තිබේ.

වර්ෂ 1998දී ගුරු වෘත්තියෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ විභාග දෙපාර්තමේන්තුවේ වසර 4ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු විභාග කොමසාරිස්වරියක ලෙස සේවය කරමින් සිටියාය. 

විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය පසුගියදා අවසන් වීමත් සමඟ එම තනතුර සඳහා සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved