මෙරට ට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (30) ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මුණගැසී තිබේ.
කොළඹ දී සිදුවූ මෙම හමුවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද එක්ව සිටි බව සඳහන්ය.
දෙරට අතර පවතින දේශපාලන සම්බන්ධතාවයන්, මෙරට දේශපාලන තත්වයන් සහ කලාපීය දේශපාලන තත්වයන් මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බව සඳහන් වේ.