ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය වෙත බල කර තිබෙන බවට මව්බිම පුවත්පත වාර්තා කරයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, තමිල්නාඩු මහ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ද්‍රාවිඩ්‍ර මුන්නේට්‍ර කලහම් පක්ෂ රැස්වීමකදී බව සඳහන් වේ.
ඉන්දු ලංකා ධීවර ගැටලුවට ස්ථීර විසඳුමක් කඩිනමින් ගත යුතු බව ඔහු ඒහිදි තවදුරටත් සඳහන් කර තිබේ.
නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති තමිල්නාඩු ධීවරයින්ව හා ඔවුන්ගේ බෝට්ටු නිදහස් කර ගැනීමට ඉන්දීය රජය වහා මැදිහත් විය යුතු බව තමිල්නාඩු මහ ඇමතිවරයා ප්‍රකාශ කර තිබු බව සඳහන් වේ.