නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදුණු ඉන්දීය ධීවරයින් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින්, පේදුරුතුඩුව මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසකි.
ඔවුන් සතුව තිබූ යාත්‍රාවක්ද මේ සමග නාවික හමුදා භාරයට ගෙන ඇති බවද වාර්තා වේ.