Connect with us

පුවත්

ඉන්දීය විදේශ ලේකම් හා සාගල අතර දිල්ලියේදී සාකච්ඡාවක්

Published

on

ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වත්‍රා (Vinay Kwatra) මහතාගේ ආරාධනය අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පසුගිය 28 වැනිදා නවදිල්ලි නුවරදී දෙරට අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ආර්ථික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

“මෙහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් සාගල රත්නායක මහතා ඇතුළු කණ්ඩායම සාදරයෙන් පිළිගත් අතර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය නැවතත් ධනාත්මක මට්ටමකට පැමිණෙමින් තිබෙන බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපායමාර්ගික ආර්ථික වැඩපිළිවෙළ මත එකඟත්වයට පැමිණි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීමට දෙරටටම හැකියාවක් තිබෙන බවද පෙන්වා දුන්නේය. බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරිමේ දී ඉන්දීය රජය ලබාදුන් සහාය කෘතවේදීව අගය කළ සාගල රත්නායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ශ්‍රී ලංකාවේ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය ද පැහැදිළි කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී කඩිනම් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් සාගල රත්නායක මහතා එහිදී ඉන්දියාව සමඟ පවතින ආර්ථික ඒකබද්ධතාව වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවද සඳහන් කළේය. ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතාව ද මෙහිදී සිහිපත් කළ රත්නායක මහතා සමීපතම අසල්වැසියන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇති කරගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය. දෙරට අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ව්‍යාපෘති නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේම අවධානය යොමු වු අතර සැම කාර්තුවකදීම එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට ද තීරණය කෙරිණි.”

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved