Connect with us

පුවත්

ඉන්දීය සිනමාව ගැන වැඩමුළුවක් අරඹයි

Published

on

ඉන්දීය සිනමාව පිළිබඳ වැඩමුළුවක් ඊයේ (28) දින කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ආරම්භ කරන ලදී.

නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය – අරුන්දික ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා විසින් කන්නඩ සිනමාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂවරයකු, රංගන ශිල්පියකු, තිර රචකයකු සහ ගීත රචකයකු වන ආචාර්ය නාගාතිහල්ලි චන්ද්‍රශේකරන් මහතා ප්‍රධාන නියෝජිත පිරිස පිළිගන්නා ලදී.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා, “ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 75 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමරන අවස්ථාවක මෙවැනි වැඩමුළුවක් පැවැත්වීම අතිශය කාලීන කර්තව්‍යයක්” වන බව සඳහන් කළේය. මෙම වැඩමුළුව දෙරට ජනතාව අතර බැඳීම් වඩා ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි ප්‍රකාශ කළ එතුමා සිය කතාවේදී ප්‍රධාන කරුණු 6ක් අවධාරණය කළේය.

පළමුව, සෑම වසරකම ඉන්දියාවේ චිත්‍රපට 2000කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කරනු ලබයි. 2011 වසර තුළ අලෙවි කරන ලද සිනමා ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව බිලියන 3.5 කි. ඉන්දීය සිනමාව වසර 100කට වඩා පැරණි ය. ඉන්දීය සිනමාවේ පියා ලෙස සැලකෙන පුරෝගාමී සිනමාකරු දාදාසහෙබ් ෆාල්කේ විසින් නිර්මාණය කළ ඉන්දියාවේ ප්‍රථම නිහඩ චිත්‍රපටය වන “රාජා හරිශ්චන්ද්‍ර” සිනමා පටය 1913 වසරේ මැයි 3 වන දින තිරගත කරන ලදී. මෙම දිගු ගමන තුළ ඉන්දීය සිනමාව ඉන්දීය සමාජය ද ඉන්දීය සමාජය ඉන්දීය සිනමාව ද පෝෂණය කර ඇත. ඉන්දීය චිත්‍රපට ජාතිකත්වය, කාන්තා සහ ළමා අයිතිවාසිකම්, කුල ප්‍රශ්නය, ආගම් සහ පන්ති භේදය වැනි විවිධ ගැටළු සාකච්ඡාවට බඳුන් කර ඇත.

දෙවනුව වසර 100කට වඩා පැරණි ඉන්දීය සිනමා ගමන් මඟ සහ අප කොවිඩ් 19 සීමාවන්ට ප්‍රතිචාර දැක්වූ ආකාරය දෙස අවධානය යොමු කිරීමේ දී ප්‍රවණතා කිහිපයක් නිරීක්ෂණය වේ. RRR චිත්‍රපටයේ නාටු නාටු ගීතය මෙම වසරේ පැවති ඇකඩමි සම්මාන උළළේ හොඳම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානය හිමි කර ගැනීම නව්‍යකරණය සඳහා ඉන්දීය සිනමාව සතු හැකියාවට සාක්ෂියකි. සිනමාහල් වෙත යන ප්‍රේක්ෂකයන් ප්‍රමාණය වසංගතයට පෙර කාලය හා සැසඳීමේ දී 21.5%කින් අඩු වී ඇති බව ද නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා සඳහන් කළේය. එසේ වුවත්, දකුණු ඉන්දීය භාෂාවන් නියෝජනය කරන සිනමා කර්මාන්ත බොහෝමයක් මනා ස්ථාවරත්වයක් සහ වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අතරින් ඉහළම වර්ධනය පෙන්නුම් කර ඇත්තේ කෝටි 1.16 සිට කෝටි 1.45 දක්වා වර්ධනය වූ කන්නඩ සිනමාව යි.  

තෙවනුව වාණිජමය සාර්ථකත්වය ඉන්දියානු සිනමාවේ ප්‍රගතියට අත්‍යාවශ්‍ය වන සාධකයක් බව හඳුනා ගැනීම වැදගත් ය. ඒ හා සමානවම මෙය වෙනස් වන සුළු සංකල්පයකි. මේ හා සම්බන්ධ මුල් කාලීන උදාහරණයක් වන්නේ 1951 වසරේදී ආදායම් අතින් වාර්තා පිහිටවූ අවාරා චිත්‍රපටය 1952 වසරේදීම AAN චිත්‍රපටය විසින් ආදායම් අතින් ඉක්මවා යාමයි. මෙම වසරේ දී පතාන් චිත්‍රපටය නව වාර්තා තබා ඇත. කෙසේ වෙතත්, සාර්ථකත්වය පිළිබඳව සැලකීමේ දී, නිර්මාණශීලීත්වය ආදායමින් පමණක් මිනිය නොහැක. වාණිජමයභාවය සහ නිර්මාණශීලිත්වය යන මෙම දෙඅංශයේ සාර්ථකත්වය බොහෝ දුරට ප්‍රේක්ෂකයා මත රඳා පවතී.

සිව් වනුව, 1930 වර්ෂයේ දී නිර්මාණය කළ පළමු ශබ්ද චිත්‍රපටය වන “සති සුලෝචනා” චිත්‍රපටයේ සිට කන්නඩ සිනමාව දිගු ගමනක් පැමිණ ඇත. එය මනා වර්ධනයක් පෙන්නුම් කරන අතර ඉන්දීය සිනමාවේ සහ සමාජයේ  ශක්තිමත්භාවයට දායකත්වය ලබා දී ඇත. KGF මාලාව සැමගේ සිත් තුළ තවමත් නැවුම්ව පවතින නමුත් මෙම වැඩමුළුව කන්නඩ සිනමාවේ අපූර්වත්වය පිළිබඳව දැනුම ලබා දෙනු ඇත.

පස් වෙනුව, ඉන්දීය සිනමාව සවිබල ගන්වන පාරිසරික පද්ධතිය ව්‍යවස්ථාවේ දැක්වෙන මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශනයේ නිදහසින් ඇරඹේ. 1952 චිත්‍රපට පනත මේ සම්බන්ධයෙන් පවතින ප්‍රධානතම පනත වේ. අන් කවර නීතියක ද පවතින පරිදි වාරණයන්ට, හිමිකම් සහ ඩිජිටල් හොරකම් ඇතුළු හොරකම් වළක්වා ගැනීමට පදනම් කර ගන්නා ව්‍යූහයන් සහ යාන්ත්‍රණයන් පවතී. 

8. අවසාන වශයෙන්, ඉන්දීය රජය සහ ජනතාව ශ්‍රී ලංකා ජනතාව සමඟ රැඳී සිට ඇති අතර ඇමරිකානු ඩොලර් බිලියන 4ක පමණ සහයෝගයක් ලබා දී ඇත. මෙය ඉන්දීය රජයේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය හා සමපාත වේ. එවැනි ප්‍රතිපත්තියක් සාර්ථක වන්නේ ඉන්දීය ජනතාව මෙම පියවර සඳහා සහයෝගය ලබා දුනහොත් පමණක් වන බව ශ්‍රී ලංකා මිතුරන් අගය කිරීම වැදගත් ය. ඉන්දීය ජනතාව තවදුරටත් ශ්‍රී ලංකා ජනතාව සමඟ රැඳී සිටියි.

පුවත්

තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම

Published

on

By

තවත් පවුල් ලක්ෂ 4 කට ලබන මාසයේ අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවය.

සංක්‍රාන්ති කණ්ඩයට අයත් පවුල්, හාර ලක්ෂ 20000 ක අස්වැසුම ප්‍රතිලාභය පසුගිය අප්‍රේල් මාසයේ සිට නතර කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාව දහතුන් ලක්ෂ 80000 කි.

Continue Reading

පුවත්

දුම්රිය රියැදුරන් පිරිසක් අද වර්ජනයක

Published

on

By

දුම්රිය රියැදුරන් අද (06) දහවල් 12 සිට  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා ප්‍රකාශ කළේ, පානදුර හා මොරටුව අතර සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බවය.

මොරටුව, මෝදර ප්‍රදේශයේදි දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් සාගරිකා දුම්රිය ඊයේ (05) එම ස්ථානයේ නතර කෙරිණි.

ඒ, එය දුටු පුද්ගලයෙකු දැඩි වෙහෙසක් දරා දුම්රිය නතර කරන ලෙසට සංඥා කිරීමත් සමගය.

එම අවස්ථාවේ දුම්රිය  මාර්ගය තාවකාලික වසා දමා දැමුණි.

එසේ තිබියදී පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරි ඇති අතර සංඥාවලින් පෙන්නුම් කර තිබුණේ, බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අගවන කොළ පැහැති ආලෝකයයි.

එහිදි දුම්රිය අනතුරක් සිදුවීමට යාම වැලැකුණේ අදාළ දුම්රියේ රියැදුරුගේ විමසිලිමත් බව හේතුවෙනි.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

අද (06) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති වේ.  

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved