ජාතික ඉන්ධන අවසර පත්‍ර QR කේත පද්ධතිය යටතේ මේ වන විට සතියකට ලබාගැනීමට අවසර දී ඇති ඉන්ධන කෝටාව ලබන මාසයේ ඉදිරි මාසවල ඉන්ධන මිල සංශෝධනයේ සිට ඉහළ යන බව විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව ඔහු විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයක දැක්වේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කාගෝ සැලසුම් මෙන්ම මූල්‍ය හා බෙදාහැරීම් සැලසුම් ද මෙහිදී සමාලෝචනය කළ බව එහි වැඩිදුරටත් දැක්වේ.