Connect with us

පුවත්

ඉන්ධන බෙදුම්කරුවන් අද CIDයට

Published

on

ඉන්ධන බෙදුම්කරුවන් අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඒ, ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

ඒ අනුව අද දහවල් 12.30ට ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතය.

මේ අතර ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, ඉන්ධන බෙදාහැරීමේදී ලබා දෙන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතු වූ යම් ගැටලුවක් මත ඉන්ධන බෙදාහරින නියෝජිතයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපන කරමින්, රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් කටයුතු කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට පැමිණිල්ලක් ලැබී ඇති බවය.

පුවත්

සුපිරි හෝටල්වලත් බාර් වැසීමෙන් විදෙස් සංචාරකයෝ අමාරුවේ

Published

on

By

වෙසක් උත්සවය නිමිත්තෙන් දින 03ක් (මැයි 12,13 හා 14) සියලුම සුරාසැල් වසා තැබීමට ගත් තීරණය හේතුවෙන් පිරිසක් අපහසුතාවයට ලක්වීමක් සේම රටට සුවිශාල ආදායම් අහිමි වීමක් ගැන දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

මෙම සුරාසැල් වසා තැබීමට ගත් තීරණය හේතුවෙන් විදේශිකයන්ට ද ඔවුන් නවාතැන් ගෙන සිටින සුපිරි හෝටල්වලින් මත්පැන් නිකුත් කර නොමැතිවීමෙන් ඔවුන් අපහසුතාවට පත්වී ඇති බවට වාර්තා වේ.

මෙලෙස සුරාසල් දිනක් වසා තැබීමෙන් රුපියල් මිලියන 800ත් 1000ත් අතර ආදායමක් රජයට අහිමි වන බව ද පැවසේ.

තරු පන්තියේ හෝටල්වල නේවාසිකව සිටින විදෙස් සංචාරකයන්ට ද මත්පැන් නිකුත් කළ නොහැකි ආකාරයෙන් මෙවර එම තීරණය ගැනීම සම්බන්ධයෙන් සංචාරක මණ්ඩලයේ ඉහළ නිලධාරියකු සුරාබදු දෙපාර්තමේන්තුවට අප්‍රසාදය පළකර තිබේ.

තම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එවැනි තීරණයක් නොගත් බවත්, එවැනි තීරණයක් ගැනීමට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් නොකළ බවත් සංචාරක මණ්ඩලයේ ඉහළ නිලධාරියාට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

මීට පෙර වර්ෂවල තරු පන්තියේ හෝටල්වල නේවාසිකව සිටින විදෙස් සංචාරකයන්ට පමණක් මත්පැන් ලබාදීම සිදුවිය.

මෙවර කැබිනට් තීරණයක් මත සුරාසල් වසා දැමීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට කිසිවක් කළ නොහැකි වී තිබේ.

සුරාසල් අද (14) එනම් එක් දිනක් වසා තැබීම නිසා රජයට රුපියල් මිලියන 800ත් 1000ත් අතර ආදායමක් අහිමි වන බවත් අද සුරාසල් වැසීමේ තීරණය පිළිබඳව අපහැදිලිතාවක් පවතින බවත් සුරාබදු දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මූලාශ්‍රය –  දිවයින

Continue Reading

පුවත්

සහාය දීම ගැන තාම තීරණයක් නැහැ

Published

on

By

විපක්ෂ කණ්ඩායම්වලට වැඩි බලයක් හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සහාය දීම සම්බන්ධයෙන් මෙතක් තීන්දුවක් ගෙන නැතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ජනතාවගේ මතය පිළිබඳව තව කරුණු සොයා වැඩිදුර සාකච්ඡා කළ යුතුව ඇති බවය.

මේ ගැන තීන්දුවක් ගැනීමට දේශපාලන මණ්ඩලය ලබන සතියේදී නැවත වරක් රැස්වීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේ ය.

ලබන සතියේදී පමණ රැස්වන දේශපාලන මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවද මහ ලේකම්වරයා පැවසීය.

පසුගිය සතියේදී ද පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජාපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නමුත් එදින මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොතිබුණි.

Continue Reading

පුවත්

තවත් බස් අනතුරක්

Published

on

By

අම්පාර – මහියංගනය මාර්ගයේ මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබුණි.

අද (14) අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වෙයි.

මෙම අනතුරින් බස් රථයේ සිටි කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බව මහියංගණය පොලීසිය පවසයි.

ඡායා – Accident 1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved