පුවත්

ඉන්ධන බෙදුම්කරුවන් අද CIDයට

Published

on

ඉන්ධන බෙදුම්කරුවන් අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඒ, ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

ඒ අනුව අද දහවල් 12.30ට ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතය.

මේ අතර ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, ඉන්ධන බෙදාහැරීමේදී ලබා දෙන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතු වූ යම් ගැටලුවක් මත ඉන්ධන බෙදාහරින නියෝජිතයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපන කරමින්, රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් කටයුතු කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට පැමිණිල්ලක් ලැබී ඇති බවය.

Trending

Exit mobile version