පුවත්

ඉමියුනොග්ලොබියුලීන් සිද්ධියට CIDය සෞඛ්‍ය ලේකම්ගෙන් ප්‍රකාශ සටහන් කරගනී

Published

on

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍ර⁣තිදේහජනක ඖෂධ මෙරටට ගෙන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.  

මේ අතර පසුගියදා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන්වූ බව කියන සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීීය.

57 හැවිරිදි සැකකරු රත්දොළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇනවුම් කර ඇතැයි පසුගියදා අනාවරණ විය.  

(නිව්ස් ෆස්ට්)

සබැඳි පුවත් :

ප්‍රමිතියක් නැති ඖෂධ ගෙන්වූ අරුණ රිමාන්ඩ් (Update)

Trending

Exit mobile version