Connect with us

පුවත්

ඉරාන ජනපති මියයන්න පෙර මහින්දට තෑග්ගක් එවලා

Published

on

හෙලිකොප්ටර් අනතුරකින් මිය යාමට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාට එවන ලද ලෝහමය විශේෂිත ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඇමැතිවරයාට ඊයේ (20) භාරදී ඇත.

ඉරාන ජනාධිපතිවරයා උමාඔය ජල විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමට මෙරටට පැමිණි අවස්ථාවේදී, ඇමැති මහින්ද අමරවීරට එරට සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඇරයුමක් කර තිබූ බව පැවසේ.

ඒ අනුව, ඇමැතිවරයා පසුගියදා ඉරානයේ සංචාරයක ද නිරත විය.

ඉරාන ජනාධිපතිවරයා විසින් ඇමැතිවරයාට මේ ලෝහමය විශේෂිත ත්‍යාගයක් එවා ඇත්තේ ඉන් පසුවය.

ජනාධිපතිවරයා හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව නිල වශයෙන් ප්‍රකාශ කෙරුණු ඊයේ (20) දිනයේදීම ඇමැතිවරයාට අදාළ ත්‍යාගය ලැබීම ද විශේෂත්වයකි.

එමෙන්ම, ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේ පරිවාර ඇමැතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ද අමරවීර මහතාය.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved