පුවත්

ඉලංකෙයි තමිල් අරසු කච්චි මුල් පුටුවල වෙනසක්

Published

on

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානියා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා පත්කර තිබේ.

එමෙන්ම එම පක්‍ෂයේ වැඩබලන නායකයා ලෙස සී. වී. කේ. ශිවඥානම් මහතා පත් කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. ශ්‍රීනේසන් මහතා පවසන්නේ, වව්නියාවේදී අද (28) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණවලට එළැඹුණු බවය.

අදාළ පත්වීම් මීළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන තෙක් පමණක් වලංගු බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Trending

Exit mobile version